මැලේසියාව කුකුල් මස් අපනයනය නතර කරයි. ආහාර අර්බුධය ඉහළ යයි

Date:

කුකුල් මස් හිඟය හේතුවෙන් ජුනි මස මුල සිට කුකුල් මස් අපනයනය නවත්වන බව මැලේසියාව පවසා තිබේ. මැලේසියානු වෙළඳපොල තුල මෑත මාසවලදී කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති අතර සමහර සිල්ලර වෙළෙන්දන්, මස් පාරිභෝගිකයින්ට කොපමණ ප්‍රමාණයක් මිලදී ගත හැකිද යන්න පිළිබඳව සීමාවන් පනවා තිබේ.

පවතින නිශ්පාදන අර්බුධය නිසා ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කර ඇති අතර ඉන්දුනීසියාව පාම් ඔයිල් අපනයනයද අවහිර කර ඇත.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දශක කිහිපය තුළ දරුණුතම ආහාර අර්බුදයට ලෝකය මුහුණ දී සිටී.

පසුගිය සඳුදා, මැලේසියාවේ අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් පැවසුවේ “දේශීය මිල සහ නිෂ්පාදනය ස්ථාවර වන තෙක්” සෑම මසකම කුකුළන් මිලියන 3.6 ක් අපනයනය කිරීම නවත්වන බවයි.

අසල්වැසි සිංගප්පූරුව වෙතින් මැලේසියාවට කුකුළු මස් සැපයුම්වලින් තුනෙන් එකක් පමණ ආනයනය කරයි.සිංගප්පූරුවේ සිට සජීවීව කුකුලන් ආනයනය කරනු ලබයි.මැලේසියාවේ කුකුළු මස් අපනයන තහනම ගෝලීය ආහාර අර්බුදයේ නවතම වර්ධනයයි.

පසුගිය මාසයේ ලෝක බැංකුව අනතුරු ඇඟවූයේ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහල යාමෙන් මිලියන සිය ගනනක් ජනයා දරිද්‍රතාවයට හා අඩු පෝෂණයට ලක්වන බවයි.

යුක්රේනය ලොව ප්‍රධාන තිරිඟු අපනයනකරුවෙකු වන අතර රුසියාව එරට ආක්‍රමණය කිරීමෙන් පසු එහි නිෂ්පාදනය පහත වැටී ඇත.

ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග, අපනයනය තහනම් කිරීමෙන් පසු මේ මස මුලදී තිරිඟු මිල නැවතත් ඉහළ ගියේය.

ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට තුළ ඇති වූ උණුසුම් කාලගුණයක් හේතුවෙන් නිශ්පාදනයන්හි දේශීය මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යාමෙන් පසුවය.

කල්තබා ගන්නා ආහාරවල සිට සබන් දක්වා වූ සෑම දෙයක් සඳහාම භාවිතා කරන අමුද්‍රව්‍යයේ ඉහළම නිෂ්පාදකයා වන ඉන්දුනීසියාව , ආහාර පිසීමේ තෙල්වල දේශීය මිල ගණන් පහත හෙළීමට තීරණය කර තිබේ.

ඔවුන් එම ද්‍රව්‍ය අපනයනය නතර කළ විට පාම් තෙල් මිල වෙළඳපොල තුල මෑත සතිවල ඉහළ ගියේය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...

තවත් ගුවන් අනතුරක්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15) දින...

51 වන G7 සමුළුව අදින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 51 වන G7...

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...