ජාතික තරුණ දිනය වෙනුවෙන් “Say No” පාගමන් දිවයින පුරා

රෂිකා හෙන්නායක මැයි 24, කොළඹ LNW :

ජාතික තරුණ දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සුබ පැතුම්

ජාතික තරුණ දිනය අදට (23දා) යෙදී තිබේ. ජාතික තරුණ දිනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව සංවිධානය කරන පාගමන් සහ රැළි 25ක් දිවයින පුරා පැවැත් විය.

“Say No – අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා” යන තේමාව යටතේ ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලදී මෙම පාගමන් පැවැත් වූහ.

මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත් වූ අතර, ඒ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල මහතා සහ youth Club කොළඹ දිස්ත්‍රික් නායකයින් සහ ජාතික සම්මේලනයේ නායකයින් සහභාගි වූහ. සෙසු දිස්ත්‍රික්කවල පැවැත්වෙන පාගමන් සඳහා ද එම දිස්ත්‍රික්කවල තරුණ නායකයින් සහභාගි වූ අතර, තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම පාගමන් සඳහා සහභාගී වූහ.

ජාතික තරුණ දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් එම අවස්ථාවේ දී ජනාධිපතිවරයාගේ සුබ පැතුම ඉදිරිපත් කළේය.

ඒ අනුව එහි ,

“ආර්ථික ක්ෂේත්‍රය තුළ තරුණ පුරවැසියන්ගේ දායකත්වය ඉහළ නංවාලීමට තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අප විසින් ආරම්භ කර ඇත. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයක් බිහිකිරීමේ රජයේ ප්‍රතිපත්තියේ වැඩිම ප්‍රතිලාභීන් වනුයේ තරුණ පරපුරය. රටේ අනාගතය වන තරුණ පරපුර වෙනුවෙන් අපගේ රජය විසින් ගත් වඩාත් සුවිශේෂී තීරණයක් වනුයේ රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ව්‍යාපෘතියයි.” යනුවෙන් සඳහන් විය.

මෙහි දී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ විෂ මත්ද්‍රව්‍යයට එරෙහිව මෙරට තරුණ්‍යය පෙරට පැමිණ ඇති බවයි. “Say No” යන්න හඬ ගා කියමින් ඔවුන් පවසන්නේ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට අවශ්‍ය මැදිහත් වීම සහ සහය ලබාදෙන බවට වූ පණිවිඩය යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට තිබූ දේශපාලන අනුග්‍රහය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, මත්ද්‍රව්‍යට එරෙහි රාජ්‍ය මැදිහත් වීම රටම එකට ජාතික ව්‍යාපාරය ඔස්සෙ සිදු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති /ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය වන ජුනි 26 වෙනිදා ලංකාවේම තරුණ තරුණියන් කුරුණෑගලට පැමිණ, විෂ මත්ද්‍රව්‍ය විරෝධී ජාතික තරුණ රැළිය පවත්වන බවයි.

විෂ මත්ද්‍රව්‍යයට එරෙහි සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් පාගමනේ නියැලුන තරුණ තරුණියන් විසින් වීදි නාට්‍යයක් ද ප්‍රදර්ශනය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට. 309 කට තුවාල !

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොලට එල්ල වූ ප්‍රහාරයෙන් අවම...