පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
අද(14) නිරිතදිග පාකිස්ථානයේ විමුක්තිවාදී කැරැල්ලට ගොදුරු වූ බලුකිස්තාන් පළාතේ අගනුවරවන ක්වෙටාහි හරහා මගී දුම්රියක් ගමන් කරන අතරතුර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් 20 දෙනෙකුගේ තත්වය බරපතල බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇති අතර පිපිරීම හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක් පෙරළී ගිනි ගෙන ඇත.

මෙම බෝම්බ පිපිරිම ආරක්ෂක හමුදා සාමාන්‍යයෙන් ස්ථානගත කර ඇති ප්‍රදේශයක සිදුව ඇති අතර, අසල ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදු වූ අතර, මාර්ගය දිගේ නවතා තිබූ වාහන විශාල සංඛ්‍යාවක්ද විනාශ වී ඇත.

පකිස්ථාන මධ්‍යම රජයෙන් නිදහස ඉල්ලා සිටින නීති විරෝධී බලුච් විමුක්ති හමුදාව හෙවත් BLA විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් මෙය බියගුලු ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා ඇති අතර වින්දිතයින්ගේ පවුල්වලට ශෝකය ද පළකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...