මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (24) දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳව යෝජනාව  පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් , 2021 වසරේ මාර්තු 14 වැනි දා ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කළ අතර 2022 රට තුළ උද්ගත වූ බරපතළ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ විදුලිය අර්බුදයට විකල්ප පිලියම් මහජන උපයෝගීතා කොමිසම යෝජනා කලත් ඒවා ක්‍රියාත්මක වූයේ නැත.

2022  වසරේ ජනවාරි හා අගෝස්තු මාසවල විදුලිය ගාස්තු වැඩි කිරීමට ඉදිරිපත් කළ යෝජනාවලට කොමිසමේ සභාපතිවරයා දැක් වූ විරෝධය මත සභාපතිවරයා සම්බන්ධයෙන් වන මත ගැටුම් තවත් උග්‍ර තත්ත්වයකට පත් වූ අතර , ජනක රත්නායක මහතා මේ අවස්ථා දෙකේදීම අවධාරණය කළේ, ගාස්තු ගණනය කරන විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව ආණ්ඩුව යෝජනා කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් ජනතාවට සහන සැලසිය හැකි ආකාරයට ගාස්තු වැඩිකළ හැකි බවයි. දිගින් දිගටම පැමිණි තර්ක, මතභේදාත්මක තත්ත්වය හමුවේ,  සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...