පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩිවෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද පාර්ලිමේන්තුවේ දී පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශපත්‍ර ගාස්තු 25%කින් පමණ ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් පළ කෙරුණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පැනයකට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එහිදී පිළිතුරු ලබාදුනි.

මන්ත්‍රී අශෝක් අබේසිංහ –

ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා පාසල් ළමුන්ගේ වාර ප්‍රවේශපත්‍ර ගාස්තු 25 % – 30%කින් වැඩිකරන්න යනවා කියලා. දෙමාපියන් ඉතාම අපහසුතාවයෙන් ඉන්නේ ඒ නිසා එම ගාස්තුව වැඩිකරන්න එපා කියලා ඉල්ලනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන –

අපිට කරුණු දෙකක් තෝරගන්න පුළුවන්. ඉතා විශාල ලෙස පීඩාවට පත්වෙලා ඉන්න දරුවන්ට වැඩියෙන් බස්රථ දාලා ඒ අයට ප්‍රවාහනය දෙනවා ද? එහෙම නැත්නම් තියෙන බස් රථ ප්‍රමාණයට ඉන්ධන වියදමවත් හොයා ගන්න බැරුව ඒ බස් රථ ප්‍රමාණයත් නතර කරනවා ද? කියන තීන්දු දෙකෙන් එකක් ගන්න වෙනවා. ඒකෙන් හොඳ තීන්දුව ගමු. මේ තියෙන ක්‍රමයට පවත්වාගෙන යෑමෙන් තියෙන බස් රථ ටිකත් අඩුකරනවා ද? එහෙම නැත්නම් තුනෙන් දෙකක් රජයෙන් සහනාධාරය දීලා තුනෙන් එකක් දෙමාපියන් විසින් දරාගෙන මේ සේවය පුළුල් කරලා තවදුරටත් දෙනවා ද කියලා අපි සංඛ්‍යා දත්ත එක්ක තවදුරටත් සාකච්ඡා කරමු.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත්කර ගැනීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපදයේ...

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....