*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 198 වැනි ස්මාර්ට් පන්ති කාමරය බටලීය කණිෂ්ඨ විද්‍යාලයට (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

“සක්වල” හා “හුස්ම” වැඩසටහන් ආරම්භ කරන ලද්දේ මැතිවරණ ඉලක්ක කර ගෙන නොවන බවත් 2020 වසරේ සිට මෙම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවත් ඒ තුළින් මෙරට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට අගයක් එකතු කිරීමට සමගි ජන බලවේගය හැකිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මුළු රටම කඩා වැටුණු මොහොතක සමගි ජන බලවේගය රටට ලබා දෙන්නේ මිනිමැරීම, දඩුවම් කිරීම, පිලිස්සීම, විනාශ කිරීම නොව ගොඩනැගීම, ඉදිකිරීම, සවිබල ගැන්වීම, නැණවත් ගුණවත් සංවරශීලී දැනුමෙන් සවිබල ගැන්වූ ජන පරපුරක්, කුසලතාවෙන් නිපුණතාවෙන් පරිපූර්ණ වූ ජන පරපුරක් නිර්මාණය කිරීමේ ඒකායන අරමුණ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 198 වැනි අදියර යටතේ ගම්පහ මීරිගම බටලීය කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

රටේ අධ්‍යාපනය ගොඩ නැගීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම වුවත් පසුගිය කාලය පුරා ප්‍රතිපත්ති සම්පාදකයන් අධ්‍යාපනය ගොඩනගනවා වෙනුවට සිංහල පමණයි දමිළ පමණයි කියමින් ඡන්ද මල්ල ගොඩ දා ගැනීමට කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා එහිදී සිහිපත් කළේය.

මෙසේ ඡන්ද මල්ල ගොඩ දා ගන්නා අය තමන් පාසලකට බස් රථයක් ලබා දෙන විට එය වැරදි වැඩක් යැයි කියන බවත් බස් මෑන් බෙදන මෑන් කියා නම් පටබදිමින් සිටින බවත් බෙදීමෙන් ප්‍රශ්න විසඳන්න බැහැ කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බෙදුවේ පරිගණක, සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ බවත් මේ සියල්ල සිදු කරන්නේ තොරතුරු තාක්ෂණ හැකියාව ඉහළට ඔසවා තැබීමට බවත් සම්පත් නැති තැනට සම්පත් ලබා දීම වරදක්ද කියා තමා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 198ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2196ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan