*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මහනුවර දැවැන්තම ඉඩම් මංකොල්ලය ගැන මන්ත්‍රී වසන්ත යාපාගෙන් හෙළිදරව්වක්!

කොළඹ LNW:හන්තාන ඌරාගල ප්‍රදේශයේ දැවැන්ත ඉඩම් මංකොල්ලයක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා මහනුවර පොලිස් විශේෂ විමර්ශන ඒකකයටපැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක් පුරා එම දැවැන්ත ඉඩම් මංකොල්ලය සිදුවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”ඇත්තටම මේ වෙනකොට අධිකරණය පවා නොමග යවමින් මේ අය කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ ඉතාමත්ම සශ්‍රීක භුමියක් ඒ වගේම තමයි, හන්තාන වන රක්ෂිතය කියලා කියන්නේ මහවැලි ගගේ ජල පෝෂිත ප්‍රදේශය. මේ මහවැලි ගගේ ජල පෝෂිත ප්‍රදේශය ඉතා වංචනික විදියට, කූඨ විදියට ලේඛන සකස් කරලා, ඔප්පු සකස් කරලා මේ අය තමන්ට අයිතිවාසිකම් කියනවා. අක්කර 22ක් පුරා දැවැන්ත භූමි භාගයක්. මහනුවර සිදුවන දැවැන්තම ඉඩම් මංකොල්ලය මේ ඉඩම් මංකොල්ලය. ඒ නිසා මේ ඉඩම් මංකොල්ලයට එරෙහිව අපි පැමිණිලි කරා විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයට. අපි ඉල්ලා සිටියේ 1950 ඉදලා වංචනික විදියට, කූඨ විදියට සකස් කරපු මේ ඔප්පු පිළිබදව, ඒ මුද්දර පිළිබදව, ඒ අත්සන් කරපු නොතාරිස් පිළිබදව, ඒ නොතාරිස්ලගේ අත්සන් පිළිබදව. අපි කියන්නේ කූඨ ලේඛන සකස් කිරීම යටතේ අපි ගොනුකළ පැමිණිල්ල ඉක්මනට ක්‍රියාත්මක කරලා සත්‍ය මොකක්ද කියලා හෙළිදරව් කරන්න කියලා. එහෙම නැති උනොත් ඌරාගල ප්‍රදේශයට පමණක් නෙවෙයි මුළු රටේම ජල සම්පත මහවැලි ගගේ ජල පෝෂිත ප්‍රදේශය විනාශ කිරීම හරහා මේ රටට දැවැන්ත අපරාධයක් කරනවා. ඒ නිසා මේ දැවැන්ත වන අපරාධයට එරෙහිවයි මේ පැමිණිල්ල අද දිනයේ සිදුකරේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ මහනුවර සිදුවන දැවැන්තම ඉඩම් මංකොල්ලයට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරයි කියලා. ඒ නිසා අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් නොමග යැවීම සදහා කූඨ ලේඛන සකස් කරලා මේ කරන වන අපරාධය වැළැක්වීම තමයි ජනතා නියෝජිතයෝ විදියට අපේ අභිප්‍රාය.

මේ පිළිබදව අපි මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරලා තිබෙනවා. ඒ වගේම තමයි අද විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයට යළි පැමිණිල්ලක් කළා මේ පිළිබදව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්නට. අර කච්චේරි වල තියෙන ඔප්පු තිරප්පු ලේඛන වෙනස් කරලා අස්ථාන ගත කරලා මේ අය වංචනිකව අධිකරණ නොමග යැවීමට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා වහාම ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීමයි අපි නීතිය තතු දත් ආයතන වලින් ඉල්ලන්නේ. ”

ඉඩම් මංකොල්ලයක් සිදුවන බවට ඉතා පහසුවෙන් ඔප්පු කළ හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”ඔව් ඇත්තටම ඉතාම පහසුවෙන් අපිට මේක අධිකරණයකදී ඔප්පු කරන්න පුළුවන්. සමහර මුද්දර 1984 මුද්‍රණය කරලා තිබෙන්නේ. හැබැයි ඔප්පුවට අලවලා තියෙන්නේ 1980 දී. 80 දී කොහොමද අලවන්නේ 84 දී මුද්‍රණය කරපු එකක්. ඒ වගේම තමයි 1950 ඉඩමේ ඔප්පුව මාරු වෙලා තිබෙනවනම්, ඒ ඉඩමේ ඔප්පුවේ මාරු කරනකොට මුද්දර අලවනවා. ඒ මුද්දර සමහර ඒවා බ්‍රිතාන්‍යයේ ප්‍රින්ට් කරපු ඒවා. නමුත් මේ අය ප්‍රින්ට් කරලා තියෙන්නේ ස්කෑන් කරලා වංචනිකව. ඒවා ලංකාවේ මුද්‍රණය කරලා තිබෙන්නේ. 2019 මේවා මුද්‍රණය කරලා තිබෙන්නේ. හැබැයි ඔප්පුව ලියලා තිබෙන්නේ 1950 දී. 1950 ඔප්පුවක් නම් ඒ කඩදාසිය අතින් අල්ලනකොට අපිට දැනෙනවා මේ කඩදාසිය පැරණි කඩදාසියක් කියලා. හැබැයි මේ අය මේ වංචනික ක්‍රියාව කරලා තිබෙන්නේ 2019දී. ඒ නිසා මේ අය 2019 දී කරලා තියෙන වංචනික ක්‍රියාව අපි හෙළිදරව් කරා. මහනුවර දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මේ රටේ සුවහසක් මිනිසුන්ගේ භුමියේ අයිතිය වෙනුවෙන් තමයි මේ අප සටන ගෙනියන්නේ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan