*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

( වොෂින්ටන් වෘකයා)

🍎නරියාට ඇද සිටින ස්මාට් වැඩ්ඩාගේ ඡන්ද ප්ලෑන ලීක්….?

🍎කපටි නරියා නරි බබාට ඇද කපුටා එළවා දැම්මාද….?

🍎මහමැතිවරණෙට සල්ලි වෙන්කර නෑ….?

🍎ඇමෙරිකන් මහින්ද වෙසක් ධවල මන්දිරයට ගෙනයාම…..?

🍎ඇමති ෂෙහාන් ට ඇමතිවරුන්ගේ ප්‍රශ්නත් විසඳන්නට වීම….?

🍎ඉරාන ජනපතිට ශෝකය පළකල ජවිපෙ නායකයාට ඉංග්‍රිසි මඩක්….?

🍎කොතලාවල පීඨයට විරුද්ධවී ඊට රහසේ  තම පුතා ඇතුල්කල ජවිපෙ බලවතා……?

🍎ආශු මුරුංග ගහට නැග්ගීම….?

🍎රුවන් මාධ්‍ය ජොබ් එකට ගියා නම් හොදයි..?

🍎ඊලොන් මස්ක් ගෙන් ලංකාවට ඩොලර්…?

       ඡන්ද කට උඩ තිබුණ ද ස්මාට් වැඩ්ඩා හෙවත් කපටි නරියා ලෝක සවාරි අත අරින්නේ නැත.රැවුල ගිණි ගනිද්දීත් ගණනට නොගන්නා ඔහු ඉන්දුනීසියා බාලි ජල සමුළුවට ගියේය.

          ඊට කලින්දා ඔහු කෑගලු ගියේ කෘතිම බුද්ධියෙන් (AI) යන ගොවිපළක් බැලීමටය. එය මෙරට විදුලි කාරය නිපදවූ වේගා සමාගමට අයත්ය.  ජනපති එහි රැගෙන ගියේ සමාගමේ නිර්මාතෘෘ ආචාර්ය හර්ෂ සුබසිංහ පැදවූ විදුලි ත්‍රිරෝද රථයකිනි. එම ව්‍යාපෘති ව්‍යාප්ත කිරීමේ කතිකාවක් ඇති විය.

     ජනපති ගුවන් තොටට යද්දී ඉරාන ජනපති අතුරුදහන්වීම වාර්තා විය. විස්තර සොයා වාර්තා කිරීම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත්ට පැවරූ ඔහු බාලි ගියේය. ඉරාන ජනපති මියගිය පුවත බාලිහිදී  දැනගත් ජනපති ශෝක පණිවිඩයක් නිකුත් කළේය. අගමැති දිනේෂ්ට  ශෝක දිනය පුකාශ කරන ලෙස ද සබ්‍රි ට මළ ගෙදර යාමට උපදෙස් දුන්නේය.

       බාලි හිදී කෝටිපති ඊලෝන් මස්ක් හා රනිල් අතර හමුව රුවන් විජයවර්දන සුදානම් කොට තිබිණ.

   “ලංකාවේ බිස්නස් වලට ඔබ එවූ අයදුම්පත සාදරයෙන් පිළිගන්නවා. ලංකාවට එන්න” ජනපති කීය.

      “වසර අන්තිමේ යි එන්න වෙන්නෙ” මස්ක් කීවේ තම තාක්ෂණික දිනපොත බලාය.

      එම හමුව ඡායාරූපගත කළේ රුවන්ය.

       “ඔයා මීඩියා කලා නම් හොද තැනකට යන්න තිබුණා” ජනපති කීවේ සිනා මැදය. මන්ද ලංකාදීප අයත් වන්නේ ද රුවන්ලාට ය. එලෝන් මස්ක් ගේ මාධ්‍ය ජාලයද භාවිතා කළේ රුවන්ගේ ඡායාරූප ය.

     ඉන්දුනීසියා ජනපති හා රනිල්ගේ හමුව තීරණාත්මක විය. දෙරට අතර ආර්ථික කටයුතු හා දේශගුණික විපර්යාස මාතෘකාව විය. ලෝක ජල සංරක්ෂනය හා සංවර්දනයේදී සියලු රටවල සහාය ලබාගැනීමේ ඉන්දුනීසියා යෝජනාවට ලංකාව සහාය දෙන බව රනිල් ප්‍රතිඥා දුන්නේය. ජලයට අදාළ ලෝක බැංකු හා එරට බලශක්ති ඇමතිනිය ද රනිල් හමුවූහ.

        ප්‍රධාන සමුළුවේදී රනිල්ට ඉන්දුනීසියානු ජනපතිට යාබද අසුන පනවා තිබීම විශේෂත්වයකි. එදින රාත්‍රී භෝජනයට ගිය කාටත් එරට සංස්කෘතියට අනුව සැකසූ කමිස සූදානම්ව තිබිණ. කපටි නරියා ඇන්දේ තද කහ පාට දිලිසෙන එකකි.

     “Handsome” හුග දෙනෙකු රනිල්ට කීවේය. ඉන්දුනීසියානු හා පොප් සංගීතය ද තිබිණ. පිරිස හොදට නැටුවෝය.

     “ඉන්දුනීසියා අය නටන එක කරනවාමයි” එරට තානාපති  ජයන්ත කොළඔගේ කීය.

      ලංකාවට ආ පයින්ම ජනපති ඉරාන තානාපති කාර්යාලයට ගියේ ශෝකය සටහන් කිරීමටය. වි: නායක සජිත් හා ජවිපෙ අනුර ද ශෝකය සටහන් කර තිබිණ.  අනුර දුරකතනය බලාගෙන ශෝකය සටහන් කිරීම පුතිවාදීන්ගේ ප්‍රහාරයට ලක්විය.”Real leaders සහ Copy & Paste leaders” ලෙස එය සමාජ මාධ්‍ය තුළ අර්ථ දක්වා තිබිණ. මළ මිණියක් මතින් හෝ දේශපාලන වාසි ගැනීමේ පිළිවෙත එහිදීද සනාථ විය.

      එජාප කලමනාකරණ කමිටුවේදී ජනපතිවරණ සටන ඇරඹීම සිදුවිය යුතු අයුරු කපටි නරියාගේ කටින් පැන්නාද හිතාමතා මුට්ටිය දැම්මාදැයි දන්නේ නැත.

     “ඡන්දෙ ඉල්ලන එක ෂුවර් නේද” අයෙක් ඇසුවේය.

     “ඒක රහසක් විදියටම තියා ගනිමු” කපටි නරියා කීවේ කොක්හඬලමිනි.

      අකුරේගොඩ හමුදා ගොඩනැගිල්ලක් විවෘත කොට ඔහු පාර්ලිමේන්තු ගියේ බානගල හිමිට ඉඩම් ඔප්පුවක් පූජා කිරීමටය.

      “වැටුණු රට ගෙඩ ගත්තෙ ඔබයි. ඔබට තව අවස්ථාවක් නොදී රට වැටුණොත් මිනිසුන්ට පාන් කියා ගන්න බැරිවේවි” බානගල හිමි දේශපාලන බණක් දෙසුවේ ඔප්පුව තුරුළු කරගෙනය.

     ඉන්පසු කැබිනට් ගිය ජනපති ද “ඡන්ද බණක් දෙසුවේය”

     “ජනපතිවරණෙට මිසක් මහමැතිවරණෙකට සල්ලි වෙන්වෙලා නෑ. මම පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ. මැතිවරණ කොමිසම කියන විදියට ජනපතිවරණය ඒවි” කපටි නරියා  නරි බබාට ඇද කපුටා ට ගල් ප්‍රහාරයක් එල්ල කලා දැයි පැහැදිලි නැත.

       “ජනපතිවරණෙ තියලා මහඡන්දෙ තීන්දු කල හැකියි. නැතිනම් 2025 අයවැය ගේන්න පුළුවන්.  ඒකෙන් මහඡන්දෙට සල්ලි වෙන් කරන්නත් පුළුවනි. අයවැය ඊලග පෙරවාරි වලට කළින් ගේන්න IMF එකට ප්‍රතිඥා දීල තියෙන්නෙ”ස්මාට් වැඩ්ඩා සිය ප්ලෑන යන්තමින් හෝ එළියට දැම්මාද වංගු ගසා වැරදි පාරක් පෙන්නුවාදැයි දන්නේ නැත.

    “වතු අයට දීපු පඩියට හාම්පුත්තු කකුල් මාට්ටු දානවා” මනුෂ කීය.

    “තේ වගාවෙ ආදායම් වියදම් අපනයන ගැන වාර්තාවක් කැදවලා මේක ගෙවන්න බැරි ඇයි කියල කතා කරමු” නරි යෝකරය වැටුණේ කකුල් දෙක මැදටය. වැටුප් ගෙවීමට අකමැති සමාගම් සතු ඉඩම් වෙනත් සමාගම් වලට පැවරීම ගැන ද අවධානය යොමු කෙරිණ.

      රාජ්‍ය ඇමතිවරු හමුවේ ද සියලු කරුණු දිග හැරීම ජනපති සිදුකළේ  ලොකු ප්ලෑනක් ඔළුවේ තබාගෙනය. රාජ්‍ය ඇමති ෂෙහාන් එහි වටපිටාව ගැන යමක් දන්නා බව කියමින් ඇමතිවරු   ඔහුගෙන් බොහෝ දේ විමසන්නට වූහ.

     හාරිස් හා කරුණාකරන් මන්ත්‍රීවරු ජනපති හමුවීමට ආවේ එකම වෙලාවේය.

      “දෙන්න කාමරේකට දාල කල්මුණේ ප්‍රශ්නය විසදමු” සමන් ඒකනායක කීවේ සිනාමැදය.

     “රුසියා යුක්රේන යුද්දෙ විසදුවත් මේක එච්චර ලේසි නෑ” මහාචාර්ය ආශු කීවේ ද සිනාමැදය.

             ක්‍රිබ් හි හිරවූ ව්‍යාපාරිකයන්ගේ ගැටලුව යළි මතුවිය.

      “ඒක ආශුට බාරදුන්නා. බැංකු එක්ක ඩීල් කරල බැංකු ප්‍රශ්න ෂේප් කරන්න ආශුට හොදට පුළුවන්” ජනපති කීවේය.

     “මමම මුරුංග ගහේ නගින්නම්” ආශු කීවේ ද සිනාමැදය.

            ජාතික වෙසක් උත්සවයට මාතලේ යාමට තිබූ හෙලිකොප්ටර් ගමන නවතා දැමීමට ගුවන් හමුදාව ගත් තීන්දුවට ජනපති එකග විය.

      “මාතලේ නොයන්න ගත්ත තීන්දු ගුවන් හමුදාපති මට කිව්වා. ඉරාන කේස් එකත් එක්ක ඒක හොද තීන්දුවක්” ජනපතිට ඇමතුමක් දුන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් කීවේය.

     “අපට වඩා ඒ ක්ෂ්‍රේත්‍රයේ ප්‍රවීණයො කියන දේ අහන්න ඹිනෑ” ජනපති කීවේය.

     වෙසක් දා ගංගාරාමය ජනපති කාර්යාලය ෂැංග්‍රිලා හරිත භූමිය පෑලියගොඩ සුදුවැල්ල තොරණ් දන්සැල් විවෘත කල ජනපති දන්සැල් බත් පිගානකට ද වගකිව්වේය. සමන් ඒකනායක විදුලි ආලෝකය කිහිප තැනකදී විවෘත කළේ ජනපති ඇරයුමෙනි.

    පසුදා යාපනේ ගොස් ඉඩම් ඹප්පු හා එම වෛද්‍ය පීඨයට රු මිලි 942 ක පර්යේෂණ ගොඩනැගිල්ලක් ද විවෘත කළේය. ඒ අස්සේ ගැසූ රහස් ඡන්ද ගේම් තිබුණා නම් එය දන්නේ කපටි නරියාම පමණි.

     යටිනුවර මහේෂ් සේනානායක එජාපයට සිටින ගොඩින් මෙන්ම මඩෙන් ද ජවිපෙ ගේම ඉල්ලුවොත් ලෝභ නැතුවම ගේම දෙන්නෙකි.

    “ගිණිගත්ත රට ගොඩදාපු ජනාධිපතිතුමාට මඩ ගහන ජවිපෙට මම කියනවා ඔයාල 88 මරපු මිනිස්සු ගණන පුච්චපු කෝච්චි බස් ට්‍රාන්ස්පෝමර් කඩපු බැංකු ගණන  කියන්න කියලා. කොතලාවල එකට විරුද්ධව උද්ගෝෂණ කරලා රහසේම පුතා ඒකට දාපු ජවිපෙ ප්‍රබලයා කවුද කියලත් කියන්න” මහේෂ් අභියෝග කළේ ජවිපෙ වටගල ටය.

      ඇමෙරිකන් මහින්ද වෙසක් සැමරුවේ බෞද්ධයන්ට ජයග්‍රහණ රැසක් ලබා දෙමිනි. වොෂින්ටන් අගනුවර වෙසක් දා නිළ දිනයක් ලෙස එම නගරාධිපතිනිය ලවා ප්‍රකාශයට පත්කර ගත් මහින්ද නිළ වෙසක් සැමරුම සිදුකළේ ඇමෙරිකානු ජනපති ගේ ධවල මන්දිරයේය.  ඒ ඔහු හා බෞද්ධ රටවල තානාපතීන් හා හිමිවරු සමගය. එය සංවිධානය කළේ ද ධවල මන්දිරයෙනි. උප ජනාධිපති කමලා හැරිස්ගේ ස්වාමියා ඩග්ලස් එම්හොfප් හා ධවල මන්දිර ප්‍රධානීන් වන එරිකා මොරිට්සුගු ප්‍රමුඛ පිරිස සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ නි: සහකාර ලේකම් ඇෆ්‍රීන් අක්තාර් ද එක්වූහ. ජනපති බයිඩන් වෙසක් පණිවිඩය එවා තිබිණ.සැමරුමට යොදාගත් බුදු පිළිමය ලංකාවෙන් වැඩම කල හා ගිය වසරේ තානාපති කාර්යාලයෙන් ධවල මන්දිරයට ගෙනගිය   පිළිමය වන අතර එය එහි නිත්‍ය ලෙස තැන්පත් කොට තිබීම ද සුවිශේෂ ය.

          තවද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් බෝගොල්ලාගම වෙසක් සැමරුවේ ලන්ඩන් ඩවුනිං වීදියේ අංක 10 අගමැති නිළ නිවසේදීය. ඊට ද භික්ෂූන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan