සුනක් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර නිවසට වී සිටියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ජූලි 4 වැනි දින හදිසි මහ මැතිවරණයක් කැඳවීමෙන් අනතුරුව ඔහු ලන්ඩනයේ සිය නිවසේ දවස ගතකරන බව වාර්තා වේ.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පළමු සෙනසුරාදා දින ප්‍රසිද්ධ රැස්වීම වලින් ඉවත්ව ඇති අග්‍රාමාත්‍යවරයා ඔහුගේ සමීපතම උපදේශකයන් කිහිප දෙනෙකු සමඟ සාකච්ජා පවත්වා තිබේ. මිට අමතරව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ඡන්ද දිනට පෙර ඉදිරි සති හය සඳහා ප්‍රචාරක මාවතෙන් කිසිදු දිනයක් සැලසුම් කර නොමැති බවටයි.

ජ්‍යෙෂ්ඨ ටෝරි අමාත්‍යවරුන් දෙදෙනෙකු වන මයිකල් ගෝව් සහ ඇන්ඩ්‍රියා ලීඩ්සම් ඔවුන් මැතිවරණයට ඉදිරිපත් නොවන බවට කරන ලද නිවේදනය සුනක්ට වේදනාකාරී තිරනයක්ව ඇති අතර ජුලි මස මැතිවරණයක් කැඳවීමට ගත් තීරණය ගැන ලීඩ්සම් කෙතරම් නොසතුටට පත්ව සිටිද යත් ඇය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග ලිපියක් ඉදිරිපත් කිරීමට සලකා බැලූ බව වාර්තා වේ.

මෙය වසර පහකට පසු රටේ පළමු මැතිවරණය වන අතර සැලකිය යුතු තරඟයක් ඇතිවිය හැකි අතර මේවන විට මාධ්‍ය වාර්තා කරන්නේ ටෝරිවරු සියලුම මත විමසුම්වලදී කම්කරු පක්ෂයට වඩා පසුපසින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...