රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා…!

Date:

මෙරට සුවහසක් පෙම්වතුන්ගේ පරමාදර්ශී ස්ත්‍රී රූපය මනසේ සිත්තම් කළ නිළි මාලිනිය නික්ම ගොසිනි. සිනමාපට 150ක තරම් විවිධ පරාසයන්හි චරිතාංග භූමිකාවන් ඈ නිරූපණය කළා ය. ගාමිණී-මාලිනී, විජය – මාලනී ලෙසින් යුගල පද මෙරට භාෂිතයට එක් කළා ය.

බොහෝ සිනමාපටයන්හි ඇගේ හාවභාව ලීලා කිසිදිනෙක ඉතිහාස මතකයෙන් ඈත්ව නොයන පරිද්දෙන් ලියැව තිබෙනු ඇත.

වසන්ත ඔබේසේකර සමඟ ඇගේ පළමු සහ අවසාන රංගන එක්වීම “දියමන්ති” සිනමාපටයයි. මෙම සිනමාපටය රූගත කරන සමයේ ඈ විසි වයස් මැද්දේ භද්‍ර යෞවනියකි. “ත්‍රිලර්” ප්‍රවර්ගයට ගිණිය හැකි සිනමාපටයක් වන “දියමන්ති”හි ඇගේ භාව නිරූපණයන් විස්මයජනක ය.

සුනිල් ආරියරත්නගේ පද පෙළ, නන්දාගේ ගැයුමට යොවුන් වසන්තයේ මේ කෙළිලොල්, වගකීම් විරහිත යෞවන සිහිනය මෙතරම් කෙතරම් අගේට නිරූපණය වේද ?

මාලිනියේ, රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා…!

~ සඳුන් ප්‍රියංකර විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...

චීන-ඇමරිකානු නායකයින් දුරකථන සංවාදයක – තායිවාන ගැටලුව ගැනත් අවධානයට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (24)...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...