*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ණය ඉල්ලන්න කලින් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න – ලෝක බැංකුව දන්වයි

ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීම සඳහා අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ලෝක බැංකුව පවසනවා. එවැනි කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නොමැති බවයි ලෝක බැංකු බළධාරීන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

නිසි ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම් පමණක් ණය ආධාර ලබාදිය හැකි බවත්, ඒ වනතෙක් කිසිදු සහනයක් ලබාදිය නොහැකි බවත් ලෝක බැංකුව අවධාරණය කරයි.

කෙසේ නමුත් මීට ඉහතදී විවිධ අරමුණු වෙනුවෙන් ලබා දී ඇති ණය සහ ආධාර අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා යෙදවීම සම්බන්ධයෙන් ලෝක බැංකුව සලකා බලමින් සිටී. අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, දිළිඳු ජනතාවට මුල්‍යමය ආධාර ලබාදීම වැනි කටයුතු සඳහා අදාල මුදල් භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවද ලෝක බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධයෙන් කණගාටු වන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් මෙරට ආර්ථික ස්ථාවරභාරය ඇතිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ලෝක බැංකුව අවධාරණය කරයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan