හෝමූස් බලාපොරොත්තුව සමඟ බොරතෙල් මිල පහළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඇමරිකාව සහ ඉරානය අතර ඇතිකර ගැනීමට නියමිත සාම එකඟතාවට අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත වනු ඇතැයි යන බලාපොරොත්තුව සමඟ අද (25) උදෑසන වන විට බොරතෙල් මිල පහත වැටී තිබේ.

දෙපාර්ශවය අතර පවතින සාකච්ජා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව දෙපාර්ශවයේ එකඟතා අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

එකී බලාපොරොත්තු සගහත ප්‍රකාශය හමුවේ අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී ඇති අතර ඇමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබේ.

එහෙත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස් ඇති අතර එය ඩොලර් 102.21ක් ලෙස වැඩි වී ඇත.

මේ වන විට වෙනස් වී පවතින තත්ත්වය මත ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දී තිබේ. ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් ඇමරිකාව සහ ඉරානය අතර පවතින සකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වනු ඇති බවට ඇමරිකානු ජනාධිපතිවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානයේ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන “ෆාර්ස්” පවසන්නේ එය යථාර්තයෙන් බැහැර වූවක් බවයි.

අමෙරිකාව සමග යම් හෙයකින් එකඟතාවයකට හෝ ගිවිසුමකට එළඹුණද හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණ පාලනය සහ කළමනාකරණය ඉරානය සතුව පවතින බවද එම පුවත් ඒජන්සිය අවධාරණය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පොල්ගහවෙල මාලිමා මන්ත්‍රී රිමාන්ඩ් !

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත අත් අඩංගුවට ගත්...

විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නියුතු භික්ෂූන් ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ නියෝගයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලා කොළඹ...

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...