*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/25

  1. “යුධ සමයේදී ශ්‍රී ලංකාවේ දමිළ සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම” සැමරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විරෝධය පළ කරයි: ඉහළ ටොරොන්ටෝ ප්‍රදේශයේ බ්‍රැම්ප්ටන් නාගරික කලාපයේ සිදුකෙරෙන මෙම ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදු විය.
  2. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිධුරයෙන් ජනක රත්නායක ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යෝජනාව වැඩි ඡන්ද 123 කින් සම්මත වෙයි: විරුද්ධව ඡන්ද 77.
  3. 2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජූනිවල MT New Diamond සහ MV X-Press Pearl නෞකාවල හටගත් ගිනි ගැනීමේ සිදුවීම් හමුවේ ලබා දුන් සහායට අදාළව ඉන්දීය රජය වන්දියක් ඉල්ලූ බවට පළවන වාර්තා සහමුලින්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
  4. පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු නැමැත්තා විසින් ආගමික අසමඟිය ඇතිකරන සුළු ප්‍රකාශයන් සිදුකිරීමට අදාළව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු පාර්ශවයන් කිහිපයක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් මොහොතේ, ඔහු සම්බන්ධ විමර්ශනයන් දැනටමත් දියත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.
  5. විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යාමක් තිබියදීත් සෑම දෙනෙකුම අඩු ගාස්තුවලට සේවා ලබා දීම ගාස්තු පහළ යාම නිසා හෝටල් ක්ෂේත්‍රයට ඉහළ ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව සංචාරක හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් පවසයි: තරු පන්තියේ හෝටලයක කාමරයක් එක් රාත්‍රියකට රු. 25,000 කට පමණ ලබා ගත හැකි අතර, මෙම හේතුව මත කුඩා හෝටල්වල වෙන්කරවා ගැනීම් සඳහා ද ගාස්තු අඩු කිරීමට සිදුව ඇති බව අවධාරණය කරයි.
  6. තමා විසින් 2022 දෙසැම්බර් මාස පොලී නොගෙවූ 7%ක ස්ථාවර කූපන්, ඇ.ඩො. මිලියන 175 (රු. බිලියන 53.3) ක ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සම්බන්ධ වන බව අධික ණයගැතිභාවයෙන් පෙළෙන ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
  7. රජයේ ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩසටහන හරහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා කඩාකප්පල් කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ ආර්ථික ගුරු පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි: කෙසේවෙතත්, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට කොහොමත් මඟ පාදන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් ලබා ගැනීම සඳහා දැඩිව පෙනී සිටි පුද්ගලයන් අතර හර්ෂ ද සිල්වා ද ඉදිරියෙන් ම සිටි අයකු බව සිහිපත් කළ යුතුය.
  8. ලංකා සතොස භාණ්ඩ 06 ක මිළ පහළ දමයි: කිරිපිටි (ග්‍රෑම් 400) රු. 50 කින් පහළට, නව මිල රු. 1030; වියලි මිරිස් කිලෝවක් රු. 45 කින් පහළට, නව මිල රු. 1350; රතු පරිප්පු රු. 10 කින් පහළට, නව මිල රු. 325; සෝයා මීට රු. 10 කින් පහළට, නව මිල රු. 660; ලොකු ළූණු රු. 6 කින් පහළට, නව මිල රු. 129; සීනි රු. 4 කින් පහළට, නව මිල රු. 239.
  9. ඉදිරි කාලය තුළ මත්පැන් මිල ගණන් පහළ දැමීමට රජය අපේක්ෂා නොකරන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි: බදු ඉහළ දැමීමෙන් පසු, සුරාබදු ආදායම 7.4% කින් පහළ ගිය බවත්, මෙමඟින් අපේක්ෂිත සුරාබදු ආදායමෙන් 30% ක පහත වැටීමක් සිදුවූ බවත් පිළිගනියි.
  10. චෙන්නායි හි එම්ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවති IPL සුදුසුකම් ලැබීමේ පළමු තරඟයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 15 කින් පරාජයට පත් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් සමත් වීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග-දඟ පන්දු යවන දෙපළ වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් දිනා ගැනීමට සමත් වෙති: ගුජරාට් පිල IPL ඉතිහාසයේ පළමු වරට ලකුණු 157 කට දැවී යාම හමුවේ අභිරහස් දඟ පන්දු යවන තීක්ෂණ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත් අතර, ස්ලින්ගර් පන්දු යවන පතිරණ ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත්තේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan