සෞඛ්‍ය වෘත්තිකයන්ගේ රට හැරයාම සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමක් – වෛද්‍ය කාවින්ද ජයවර්ධන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල පිරිසක් රට හැර යාමෙන් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

පසුගිය වසරේ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් හයසීයකට (600) ආසන ප්‍රමාණයක් සහ වසර දෙකක් තුල වෛද්‍යවරුන් දෙදහසකට (2000) ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇතැයි ද මන්ත්‍රීවරයා පවසන අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අමතරව රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ බරපතළ හිගයක් පවතින බවද ඔහු කියා සිටියේය.

මේ දිනවල පැතිර යන ඩෙංගු කොරෝනා ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝග ව්‍යාප්ත වෙද්දී රෝහල්වල රෝගීන්ට ලබාදෙමින් ඇත්තේ පෙරසිටමෝල් හා විටමින් සී පමණක් බවද වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මේ ආකාරයට තවත් මාස හයක් පමණ සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක වුවහොත් සෞඛ්‍ය ආපදාවක් අනිවාර්යෙන්ම රට තුළ ඇති වන බවත් මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා තවදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...