දිනේෂ්ගේ පදක්කම අහිමි වීමෙන් ඉනික්බිති

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 26, කොළඹ (LNW): එක් අතකින් ලංකාවේ පැරා ක්‍රීඩාවල දක්ෂතා ක්ෂය වෙමින් ඇත.අපි මීට පෙර ද මේ ගැන පැවසුවෙමු.මන්ද සාමාන්‍ය ආබාධිතයන් සොයන සහ පොළඹවන වැඩ කලාවක් ලංකාවේ දකින්නට නැත.ඒ නිසා යුද්ධයෙන් ආබාධවලට ලක් වූවන් වියපත් වී ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමත් සමඟ ලංකාවේ පැරා ක්‍රීඩාවේ දීප්තිය අඩු වෙන්නට නියමිතය.මේ ගැන ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රීඩා නිලධාරීන් දැන්වත් කිරීම මෙන්ම සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සමඟ කලාප මට්ටමෙන් ක්‍රියාත්මක වන පරිදි පැරා ක්‍රීඩාවන්ගෙන් ද පෝෂණය කළ යුතුව ඇත.


මේ තත්ත්වය ඒ ආකාරයට තිබියදී ශ්‍රී ලංකාවට පැරා ඔලිම්පික් රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත මේ මොහොතේ ජපානයේ පැවත්වෙන පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහුගේ කායික දුබලතාවය තරග වඳින එෆ් 46 ඉසව්වට නොගැලපෙන බව පවසා එම තරගාවලියේ දිනූ රිදී පදක්කම අහිමි කර ඇත.ඔහුට ඉන්දියාව විසින් ගොනු කරන ලද විරෝධතාවයක් පරික්ෂා කර මෙම පදක්කම අහිමි කර තිබෙන බව පැවසේ.


ඒ අනුව ඔහු එෆ් 46 කාණ්ඩයෙන් දිනා ගත් පැරා ඔලිම්පික් රන් පදක්කමට කුමක් වෙනු ඇද්ද?මේ තත්ත්වය බරපතල ගැටළුවකි.රටක ක්‍රීඩා ඉතිහාසයක් එක මොහොතකින් වෙනස් කළ හැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.එසේම මොහු පැමිණ මට එෆ් 46 කාණ්ඩයෙන් තරග කළ යුතුයි කියා තරග වැඳ නැත.ඔහු එම කාණ්ඩයේ ක්‍රීඩකයෙක් හැටියට නිර්දේශ කළ පැරා නිලධාරීන් කර ඇත්තේ නුසුදුසු තැනකට ඔහුව තල්ලු කර රටට අපකීර්තියක් ගෙන ඒමය.


ඔහුට පදක්කම අහිමි කිරීම ප්‍රශ්නයක් නොවේය.විවිධ වැරදි නිසා මේ ආකාරයේ සිදුවීම් වී ඇති බව අපි දනිමු.එහෙත් මේ කාරණය ඊට වඩා බරපතලය.එය දිනේෂ්ගේ ඉදිරි ක්‍රීඩා ජීවිතයට මෙන්ම ගෙවුණු ක්‍රීඩා ජීවිතයට ද බලපෑමක් එල්ලවන ආකාරයේ අර්බූදයකි.ඔහුට පැරා රන් පදක්කම සමඟ හිමි වූ දේ සඳහා පදක්කම අහිමි වුවහොත් ඔහු නුසුදුස්සෙක් වනු ඇත.එවැනි තත්ත්වයක දිනේෂ් ප්‍රියන්තගේ හැකියාව තව දුරටත් ප්‍රයෝජනයට ගත හැකි ඉසව්වක් තිබේද යන්න සහ ඔහු නිවැරදිව ආබාධිත තත්ත්වය හඳුනාගෙන ඊට යොමු කළා නම් ඒ නිවැරදිභාවය වෙනුවෙන් සටන් කළ යුතුව ඇත.


ස්පෝර්ට්ස් ස්ටාර් හී දක්වා ඇති පරිදි දිනේෂ්ට එෆ් 46 කාණ්ඩයට නොගැලපෙන බව කීමට ගොනු ඇති විරෝධතාවයේදී, අවධානය යොමු කර ඇත්තේ බාහු ඌනතාවයේ ප්‍රමාණය,දුර්වල වූ මාංශ පේශි බලය සහ ආබාධය නිසා නිශ්ක්‍රීය තත්ත්වය සමඟ හරීරයේ චලනය වන පරාසය ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...