පැපුවා නිව්ගිනියාවේ නාය යාම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 670 ඉක්මවා ඇති බව ඇස්තමේන්තු කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැපුවා නිව්ගිනියාවට බලපෑ දැවැන්ත නාය යෑම හේතුවෙන් මියගිය සංඛ්‍යාව් 670 ඉක්මවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සිය ඇස්තමේන්තු කර තිබේ.

මුදාගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අධිවේගී මාර්ගයන් අවහිරවීම, ප්‍රදේශ අතර පවතින දුරස්ථභාවය ආදිය හේතුවෙන් ගලවා ගැනීමේ සහ ආධාර ප්‍රයත්නයන් මන්දගාමී කර තිබේ. සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) පැවසුවේ විනාශයේ සම්පූර්ණ ප්‍රමාණය තවමත් අපැහැදිලි නොවන හෙයින් මරණ සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි විය හැකි බවයි.

පැය 48ක් ගෙවී යාමෙන් අනතුරුවද පාෂාණ කඩා වැටෙමින් පවතින බවත්, නිරන්තර පීඩනය හේතුවෙන් පස ඉරිතලා ඇති අතර භූගත ජලය ගලා යාම නිසා ප්‍රදේශය සෑම කෙනෙකුටම දැඩි අවදානමක් ඇති කර තිබෙන බවත් පැපුවා නිව්ගිනියාවේ නියෝජිතායතනයේ දූත මණ්ඩල ප්‍රධානී සෙර්හාන් ඇක්ටොප්‍රැක් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයන් 1,250ක් පමණ අවතැන්ව ඇති අතර කාන්තාවන් සහ ළමුන් ඇතුළුව විශාල ප්‍රමානයක් තුවාල ලබා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...