හමාස් නැවතත් ඊශ්‍රායල් වෙත රොකට් ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හමාස් හමුදා අංශය ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් ඊශ්‍රායලයේ සයිරන්සර් නාද වන බව වාර්තා වේ.

ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇති අතර, පසුගිය පැය 24 තුළ පලස්තීනුවන් 80 කට වැඩි පිරිසක් ඝාතනය කිරීමත් සමඟ මෙය සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

හමාස් සන්නද්ධ අංශය වන අල්-කසාම් බළකාය අද(26) ටෙලිග්‍රාම් නාලිකාවේ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ, “සිවිල් වැසියන්ට එරෙහි සියොන්වාදී සමූලඝාතන” ලෙස හැඳින්වූ දෙයට ප්‍රතිචාරයක් ලෙස ටෙල් අවිව් වෙත “විශාල මිසයිල” ප්‍රහාරයක් දියත් කරන බවයි.

මිට දින කිහිපයකට පෙර කසාම් බළකාය ම තම සටන්කාමීන් ජබාලියා කඳවුරේ සිටි ඊශ්‍රායල සොල්දාදුවන් හඳුනා නොගත් සංඛ්‍යාවක් “මරා අල්ලා ගත්” බව සඳහන් කර තිබුණමුත් එම ප්‍රකාශය ඊශ්‍රායල් හමුදාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් 1,139 ක් මියගිය අතර තවත් දුසිම් ගනනක් වහල් භාවයට පත්විය. ඊට එරෙහිව ඊශ්‍රායලය විසින් ගාසා තීරයට දියත් කළ යුද්ධයේදී අවම වශයෙන් පලස්තීනුවන් 35,984 ක් මිය ගොස් 80,643 ක් දක්වා තුවාල ලබා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...