අසරණ සුනඛයෙක් සිසුවකුගේ ජීවිතය බේරා ගනී

Date:

අද(25) පෙරවරුවේ දුම්රිය පළ අද්දර හරස් මාර්ගයකදී දී දුම්රියේ ගැටෙන්නට ගිය පාසල් සිසුවකු දුම්රිය පළ අවට දිවි ගෙවන අසරණ සුනඛයකුගේ ක්ෂණික මැදිහත් වීමකින් දිවි බේරා ගැනීමේ පුවතක් අලව්වෙන් වාර්තා වෙයි.සිද්ධිය ඇසින් දුටුවන් පවසන අන්දමට මෙය සිදු වී ඇත්තේ අද පෙරවරු හතත් අටත් අතර ය.

පාසල් නිල ඇඳුමකින් සැරසුණු වයස අවුරුදු පහලොවක පමණ පිරිමි දරුවකු ඒ මොහොතේ කලබලයෙන් අලව්ව දුම් රිය ස්ථානය අද්දර දුම්රිය හරස් පාර තරණය කරන අතරේ පොල්ගහවෙල දෙස සිට පැමිණි දුම්රියක් එම හරස් පාර දෙසට ළං වෙමින් තිබී ඇත.එහෙත්, එම සිසුවා දුම්රිය මාර්ගය දෙපස නොබලා දුම්රිය පාර මාරුවීමට යාම මත එම හරස් පාර මැද දී සිසුවා දුම්රියේ ගැටීමට යන අන්දම දුටු අවට සිටියවුන් කෑගසා තිබේ.නමුදු දුම්රියේ ශබ්දය නිසා සිසුවාට එය ඇසී නැත.

dog

ඔය අතරේ දුම්රිය පළ ආශ්‍රිතව දිවි ගෙවන මෙම ඡායාරූපයේ හිඳින සුනඛයා කොහේ හෝ සිට පැමිණ එම දුම්රිය හරස් මාර්ගය මැද දී එම සිසුවාට බුරාගෙන පැන තිබේ.ඉන් අන්දමන්ද වූ සිසුවා හනික දුම්රිය මාර්ගයෙන් පසෙකට වීසි වී යාම මත ඔහු අන්තිම නිමේෂයේ දී ඒ මාරක අනතුරින් ගැලවී තිබේ.

ඒ මොහොතේ ඒ සුනඛයා කළ ක්ෂණික කැපවීම කොතෙක් ද යත් තව සුළු හෝ පමාවක් වී නම් එම සුනඛයාත් සිසුවාත් දෙදෙනාම දුම්රියේ ගැටීමේ නියත අවකාශයක් තිබූ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

එම සිසුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම පිණිස කිසියම් වාහනයකින් පැමිණ දුම්රිය ගේට්ටුව වසා තැබීම නිසා ඉක්මනින් දුම්රිය පාර පාගමනින් මාරුවන්නට පැමිණි අයකු බව ද එම සිද්ධිය සියැසින් දුටුවෝ කියති.

ප්‍රියන්ත සිල්වා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...