කන බොන දේවල් ගෙදරම හදාගන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි

ආහාර සඳහා අවශ්‍ය බෝග වර්ග නිවස තුළම නිපදවා ගැනීමට ජනතාව උනන්දු වියයුතු බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා පවසනවා. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට ඉන් යම් සහනයක් ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ සඳහා ‘රටම වවමු – එක්ව දිනමු’ නමින් වැඩසටහනක් ආරම්භ කර ඇති අතර අද මහනුවරදී මෙම වැඩසටහනට එක්වෙමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම නිවස තුළම වගා කිරීමේ වැඩපිළිවෙල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ ගෙවතු තුළින්ම ආරම්භ කරන බවත්, ඊට ආදර්ශයක් වීම සඳහා කාර්යාල පරිශ්‍ර තුළ ගෙවතු වගාව ආරම්භ කරන බවත් අජන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

කව්පි, මුං, උඳු, තල වැනි ධාන්‍ය වර්ග මෙන්ම වට්ටක්කා, පතෝල, බණ්ඩක්කා වැනි පහත රට එළවලු වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය බීජ වර්ග හිගයකින් තොරව සැපයීමේ වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාර ගන්නා බවද ඔහු ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...