යුපුන් මීටර් 100 වාර්තා යළිත් අලුත් කරයි

කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ජාතික වාර්තාව මෙන්ම දකුණු ආසියානු වාර්තාවද අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඒ, ජර්මනියේදී පැවති මීටර් 100 ධාවන තරගය තත්පර 10.06 කින් අවසන් කරමිනි.

2022 වසරේ වේගවත්ම ක්‍රීඩකයා වූ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යලා, යුපුන් හමුවේ පරාජයට පත්වීමද විශේෂත්වයකි. ඔහු මෙම වසරේදී පරාජයට පත් වූ පළමු අවස්ථාවද මෙයයි.

දෙවැනි ස්ථානයට පත් ඔමන්යලා වාර්තා කළ කාලය තත්පර 10.14 කි.

මීටර් 100 ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාව මීට පෙරද යුපුන් සතුව තිබිණි.

මේ අතර පසුගිය සතියේදී ඉතාලියේ පැවති මීටර් 200 ධාවන තරගයකදී තත්පර 20.37 ක දක්ෂතාවයක් දක්වමින් ජාතික හා දකුණු ආසියාතික වාර්තා තමන් සතුකර ගැනීමටද ඔහු සමත් විය.

ඒ අනුව මීටර් 100 හා 200 ජාතික වාර්තා සහ දකුණු ආසියානු වාර්තා යුපුන් අබේකෝන්ගේ නම ඉදිරියේ ලියැවී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...