*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හිටපු මුදල් ඇමතිලාට අත් වූ ඉරණම අලුත් මුදල් ඇමතිටත් අත් වෙයිද ?

සති කිහිපයක් තිස්සේ සිදුකළ මෙහෙයුම අසාර්ථක වීමෙන් පසුව අවසානයේදී බංකොලොත් භාණ්ඩාගාරය සමග මුදල් අමාත්‍යංශයද අගමැතිවරයාගේ කර මතටම වැටී තිබේ.

මුදල් අමාත්‍යංශය කාගේ හෝ ඇඟේ ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා කෙතරම් උත්සාහ දැරුවද එය සාර්ථක වූයේ නැත. මුදල් අමාත්‍යංශය බාර ගන්නැයි අවස්ථා කිහිපයකදී හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මේ අතර සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා, චම්පික රණවක වැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පවා අවධානය යොමුව තිබිණි.

ඕනෑම ආණ්ඩුවක ප්‍රධාන හා වැදගත්ම අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය වන අතර එය බාර ගැනීමට ඕනෑම මන්ත්‍රීවරයෙකු එකපයින් ඉදිරිපත් වේ. කෙසේ නමුත් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මුදල් අමාත්‍යංශය බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වීමට සූදානම් නැත.

මෑත ඉතිහාසය තුළ කටයුතු කළ මුදල් අමාත්‍යවරුන්ට අත් වූ අභාග්‍යසම්පන්න ඉරණමද ඒ සඳහා හේතු වන්නට ඇතැයි විස්වාස කළ හැකිය.

2005 වසරේ සිට 2015 වසර දක්වාම මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතායි. ප්‍රතාපවත් දේශපාලන චරිතයක් වූ මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පවා ප්‍රතික්ෂේප කරන චරිතයක් බවට පත්ව තිබේ. එදා ගිය ගිය තැන ජනතා ආකර්ශනය දිනාගත් මහින්ද රාජපක්ෂ මහතාට අවසානයේදී ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස් වී නාවික හමුදාවේ ආරක්ෂාව මත දූපතක සැඟවී සිටීමටද සිදුවිය.

2015 යහපාලන රජයේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා අද පෙනෙන්නටවත් නොමැත. දූෂිත බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් අනුන්ගේ පව්වලට කර ගැසීමට සිදු වූ රවී කරුණානායක මහතා අද එක්සත් ජාතික පක්ෂය තුළ පවා මුල්ලට විසි වූ චරිතයක් බවට පත්ව තිබේ.

රවී කරුණානායක මහතාගෙන් පසුව මුදල් ඇමති තනතුරට පත් වූ මංගල සමරවීර මහතාට අවාසනාවන්ත ලෙස හදිසියේම ජීවිතයෙන්ද සමු ගැනීමට සිදු විය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් වූ වහාම මුදල් ඇමති තනතුරේ දිවුරුම් දුන් අතර ඒ අනුහසින් අද රට මුහුණ දී සිටින බොහෝ අර්බුදවලට වගකිවයුත්තා බවට පත්වීමට ඔහුට සිදුව තිබේ. වසර කිහිපයක් තුළ අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා රටේ බලය ලබාගෙන, එපමණකින් නොනැවතී රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද තමන්ට අවශ්‍ය පරිදි සංශෝධනය කර ගැනීමට තරම් ප්‍රතාපතවත් දේශපාලන චරිතයක් වූ බැසිල් රාජපක්ෂ මහතා අද කුඩා දරුවන්ගේ පවා උසුලු-විසුලුවලට ලක්වන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලන චරිතයක් වී තිබේ.

බැසිල්ගේ සමුගැනීමෙන් පසු අලි සබ්‍රි මහතා මුදල් ඇමතිවරයා වශයෙන් පත් වූ නමුත් ඔහුට වැඩි කාලයක් මුදල් ඇමති පුටුවේ වාඩිවීමට අවස්ථාව හිමි නොවීය. අවසානයේදී ඔහුට සිය පවුලේ සාමාජිකයන්ගෙන් පවා කුණු බැණුම් ඇසීමට සිදු වූ අතර යළිත් මුදල් ඇමති ධුරය බාර නොගන්නා ලෙස තර්ජනය කරන මට්ටමට එම විරෝධය උත්සන්න විය.

රනිල් වික්‍රමසිංහ මහතා මුල සිටම මුදල් ඇමති ධුරය කාගේ හෝ ඇඟේ ගැසීමට කටයුතු කළේ මේ අවාසනාවන්ත ඉරණම අවබෝධ කරගෙන වූවා විය හැකිය. කෙසේ නමුත් අවසානයේදී ඔහුටම ඉරණමට කර ගැසීමට සිදුව තිබේ.

විශේෂත්වය වන්නේ හයවැනි වරටත් අගමැති තනතුරට පත් වූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති තනතුරට පත්වූයේ පළමුවැනි වරට වීමයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan