මේ අවුරුද්දෙ ඩොලර් බිලියන 04 ක ආධාර හම්බවෙනවා, අපි ණය උගුලක හිරවෙලා නෑ – රනිල්

Date:

අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්‍ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම වසර තුළදී අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 04 ක වත් විදේශ ආධාර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් චීනය, ජපානය ඇතුළු ශ්‍රී ලංකාවේ මිත්‍ර රටවලින් ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් වික්‍රමසිංහ මහතා බ්ලූම්බර්ග් සමග පවසා තිබේ.

ශ්‍රී ලංකාව ණය උගුලක සිරවී ඇතැයි බොහෝදෙනා චෝදනා කරන නමුත් එවැනි කිසිදු අවදානමක් නොමැති බවද අගමැතිවරයා සඳහන් කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග දැන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී අවසන් එකඟතාවයකට පැමිණියහොත් චීනය සමග, ණය ප්‍රතිව්‍යූහගත කිරීමකට යාම කෙරෙහි අවධානය යොමු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...