ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය, ඒකට අපිට කරන්න දෙයක් නෑ – ඖෂධ නියාමන අධිකාරිය

Date:

රටතුළ පවතින ඖෂධ හිගය සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හා වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද සහභාගි වූහ.

රටතුළ පවති ඖෂධ හිගයට ජාතික ඖෂධ නියාමන අධිකාරියද වගකිව යුතු බවට මෙම සාකච්ඡාවේදී චෝදනා එල්ල වී තිබෙනවා.

එකී චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අද ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අධිකාරිය පවසන්නේ ඖෂධ හිගයට හේතුව ඩොලර් අර්බුදය බවයි. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට වගකිව නොහැකි බව එම අධිකාරිය අවධාරණය කරනවා.

පවතින වත්මන් දුෂ්කර තත්වය හමුවේ ඖෂධ හිගය අවම කර ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරිය ගතහැකි සියලුම පියවර ගෙන තිබෙන බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරාන අගනුවරින් වහාම ඉවත්වන්න’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ අගනුවර වන...

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...