*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ආහාර අර්බුදය ස්වභාවික ආපදාවක් නෙවෙයි – රාජපක්ෂලාගේ,වික්‍රමසිංහලාගේ දීර්ඝ කාලීන නිර්මාණයක්! (VIDEO)

ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වීම ගැන දේශපාලන අධිකාරිය විසින්ම ප්‍රකාශ කෙරෙමින් තිබුණද එය ස්වභාවික ආහාර අර්බුදයක් නොව එය මහින්ද රාජපක්ෂලා,ගෝඨාභය රාජපක්ෂලා,රනිල් වික්‍රමසිංහල දීර්ඝ කාලීනව සිදුකරන ලද සැලසුම්වල ප්‍රතිඵලයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව එල්ල වෙමින් තිබෙන ජන විරෝධතා මැඩලීමට රජය විසින් මෙවැනි අර්බුද යොදා ගනිමින් තිබෙන තිබෙන බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ.

සංවර්ධන ප්‍රකාශයට අනුව සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාව අතර බෙදී යා යුතු වුවත් පසුගිය කාලය තුළ රටේ සිදු වූ සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදී ගොස් ඇත්තේ රාජපක්ෂ පවුලට පමණක් බව හෙතෙම පෙන්වාදෙයි.

ඒ අනුව මෙම පවුල විසින් රට සතුව තිබූ ඩොලර් බිලියන 18ක් හොරකම කර තිබෙන බව මාධ්‍ය මඟින් මේ වන විටත් ආනාවරණය කර තිබෙන බවද කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අවසානයේදී රටේ ජනතාවගේ ආහාර ගැන තිබෙන නිදහස් අහිමි කර තිබෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඒ අනුව මේ රටේ ජනතාවට අරගලයකින් තොර ජයග්‍රහණයක් නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan