මැයි 18 වෙනිදා පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය අසලදී ඇතිවුණු සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ඊයේ (25) තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා, අධිකරණයේදී විමල්ව ඇප මත නිදහස් කෙරුණා.
ඊටපස්සේ ටික වෙලාවකින් විමල්ට දුරකථන ඇමතුමක් ආවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්. මහින්ද සුපුරුදු උපහාසයෙන් යුතුව විමල්ගෙන් ඇහුවාලු “පරණ යාළුවා තවම ලව් එක අතෑරලා නෑ නේද ?” කියලා. විමලුත් ඒකට හිනාවෙලා උත්තර දුන්නා ලු. ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කරලා මහින්ද ඇමතුම අවසන් කළේ “අපි එකතු වෙලා ඉස්සරහට වැඩක් කරමු” කියලා ලු.
ඒ ඇමතුම ඉවර වෙනවත් එක්කම වගේ ඊළඟ ඇමතුම විමල්ට ආවේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගෙන්. රනිලුත් කතාව පටන් ගත්තෙම “පරණ යාළුවා සෑහෙන පබ්ලිසිටියක් නොමිලේම අරන් දුන්නා නේද ?” කියලා ලු. විමල් ඒකට උත්තර දෙමින් කිව්වා ලු “ඔව් සර්, මිලියන ගාණක පබ්ලිසිටියක්” කියලා. රනිල් ඒ එක්කම කිව්වා ලු “මිලියන ? මිලියන නෙවෙයි බිලියන ගාණක පබ්ලිසිටියක්” කියලා. ඔහොම ටික වෙලාවක් කතා කරලා ඇමතුම කට් කරන්න කලින් රනිල් විමල්ට කිව්වා ලු “බිලියන ගාණක පබ්ලිසිටියක් නිකම්ම දීපු එක ගැන පරණ යාළුවාට ස්තූති කරලා ලියුමක් යැව්වා නම් හරි” කියලා ….


