විජයදාස රාජපක්ෂට එරෙහි නඩුවකින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉවත් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27, කොළඹ (LNW): අද (27) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගය නිකුත් කිරීමට අදාළ නඩුව විභාග කිරීමෙන් තමා ඉවත් වන බව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන නිවේදනය කළ බව සඳහන් වේ.

අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් ගොනු කළ මෙම නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරු සඳුන් විතාන සඳහන් කළේ තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරු වරයා වෙත යොමු කරන බවයි.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරු වරයා ඉදිරියේ මෙම නඩුව කැඳවන ලද අතර, එහිදී මෙම නඩුවට අදාල විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කළ බව සඳහන් වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය තවදුරටත් ලබන 27 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් විනිසුරු වරයා නියෝග කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...