විදුලි ගාස්තු වැඩි කිරීම ගැන මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද!

Date:

රෂිකා හෙන්නායක මැයි 27, කොළඹ LNW :

විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීමේ දෙවන අදියර අද පැවැත්වෙන බව පැවසේ.

එහි පළමු අදියර ඉකුත් 23 වනදා සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වුණි. 

ඒ අනුව එහි දෙවන අදියර අද පැවැත්වෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසුවේ, විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන මෙම සැසියේදී මහජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම සිදු වන බවයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වාචික අදහස් දැක්වීමේ සැසි 09 අවසන් වූ පසු ඉදිරියට ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සහ ඊට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජූනි  06 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...