කෙහෙල්බද්දර පද්මෙට පාස් පෝට් හැදු ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී උක්ත නිලධාරියා පිළිබද අනාවරණය වී ඇති අතර ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණු සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද ප්‍රධාන සැකකරු ලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට චෝදනා එල්ලවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...