වාස්ට පසුව ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නෙකු දැක්වූ හොඳම දක්ෂතාවය අසිතගෙන් බංග්ලාදේශයට එරෙහිව

Date:

බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 කින් තරගය ජය ගත්තේ 1-0 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණයද අත්පත් කර ගනිමිනි.

පස්වැනි දිනයට අද තරගය ආරම්භ වනවිට බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 04 ක් දැවී ලකුණු 34 ක් ලබාගෙන සිටි අතර පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද හයවැනි කඩුල්ල සඳහා ස්ථාවර සබඳතාවයක් පිහිටුවීමට බංග්ලාදේශය සමත් විය.

ලකුණු 53 දී පස්වැනි කඩුල්ල බිඳවැමෙන් පසු පිටියේ එක් වූ ලිටන් දාස් සහ ශකීබ් අල් හසන් 103 ක සබඳතාවයක් පිහිටවූ අතර එම සබඳතාවය බිඳවැටමෙන් පසුව බංග්ලාදේශ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 169 ක් තුළදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 29 ක ඉලක්කයක් ලැබුණු අතර පන්දුවාර 03 කදී කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය හඹා යාමට දිමුත් සහ ඔෂධ සමත් විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල වූ අතර තරගයේ බිඳවැටුණු කඩුලු 20 න් 17 ක්ම දවා ගැනීමට කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු සමත් විය.

අසිත ප්‍රනාන්දු පළමු ඉනිමේදී ලකුණු 94 ට 04 ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 51 ට 06 ක් ලෙස තරගය පුරා කඩුලු 10 ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. එය මෙරට හිටපු සුපිරි වේගපන්දු යවන්නා වූ චමින්ද වාස්ට පසුව වේගපන්දු යවන්නෙකු කඩුලු 10 ක් දවාගත් පළමු අවස්ථාවයි.

තවමත් 25 හැවිරිදි වියේ පසුවන අසිත ප්‍රනාන්දු සිය පස්වැනි ටෙස්ට් තරගයේදීම මෙවැනි දස්කමක් දැක්වීම තවත් විශේෂත්වයකි. ඒ දක්වා ඔහු පළමු පෙළ තරගයදී හෝ කඩුලු 10 දක්ෂතාවයක් දක්වා නොමැත. ඔහු මේ දක්වා ටෙස්ට් තරග 05 කදී දවාගෙන ඇති කඩුලු ප්‍රමාණය 17 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු නාවික හමුදාපති උළුගෙතැන්න යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...

වෘත්තීය කිමිදුම්කරුවන්ටත් රක්ෂණයක්!

කොළඹ LNW:ජිවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා...

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...