*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

ඇමති ක්‍රීඩා නීතියට වැඩ කර නැති බව, ඇමති උපදේශකම සිහිපත් කරයි

ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර, අමාත්‍යවරයාට ලිපියක් යවමින් අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා සභාවේ සභාපති පදවියට,ක්‍රීඩා පණත අනුව නුසුදුසු බව පෙන්වා දෙයි.අප නිතරම කියූ පරිදි ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා පණත ගැන අවබෝධය අඩුය.ඔහු සිතා සිටින්නේ අමාත්‍යවරයාට රිසි පරිදි ක්‍රියා කිරීම යනු ක්‍රීඩාවට අදාළ නීතිය බවය.පණත යනු තමන්ගේ තීරණය බවය.ඒ නිසා මේ වන විටත් අමාත්‍යවරයාගේ අභිමතානුසාරි තීරණ නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දුවට සහ රගර් ක්‍රීඩාවට වැට බැදී ඇත.

දැන් මේ මොහොතේත් අමාත්‍ය උපදේශක අමාත්‍යවරයාට මේ මතක් කර දෙන නීතිමය තත්ත්වය ඊට පෙර ඔහුට අදාළ නොවුණු එකකි.හරිනම් පූර්ණ විමසා බැලීමකින් ඉනික්බිතිව මෙවැනි පත් කිරීම් සිදු කළ යුතුය.එසේම උපදේශකවරයා ද මීට පෙර අර්ජුනට ඉවත් වෙන සේ ලියූ ලිපියක් අපි ද පළ කළෙමු.එහිදී ඔහු කියන්නේ අර්ජුන එම තනතුරට ගෙන ඒමේ භාරදූර කාර්යය කරන්නේ තමන් බවය.එසේනම් උපදේශකවරයා ද අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා හරියට තොරතුරු සොයා බලා නැත.

අර්ජුන පැමිණෙන විටම මේ රටේ සාමාන්‍ය ජනතාවද ඉවෙන් තේරුම් යන දෙයකි, ඔහු ක්‍රිකට් සමඟ ගැටළුවක් ඇති කර ගන්නා බව.මේ වන විට ඒ තත්ත්වය යම් තත්ත්වයකට ලියලා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයද ක්‍රිකට් සඳහා පාපන්දු සහ රගර් ඉරණම අත් කර දීමට ඉඩ ඇති බව දැනෙද්දී අමාත්‍යවරයාට පයක් පසුපසට ගන්න සිඳු වි ඇත.අද ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයකට අනුව සුදත් චන්ද්‍රසේකර ද පියවරක් පෙරට තබා ඇත.ඔහු ක්‍රිකට් ආයතනය සමඟ අමාත්‍යවරයා සහ අමාත්‍යංශය වෙනුවෙන් පෙනී හිටින කෙනාය.

අර්ජුනට එරෙහිවීම අර්ජුනගේ කුමන හෝ නරකක්ම සළකා නොකරන බව අපි දනිමු.උපදේශක සුදතුන්ම මීට පෙර පෙන්වා දී ඇති පරිදි අර්ජුනව රැඟෙන එන්නට ප්‍රධාන වශයෙන්ම බලා පා ඇත්තේ ද සුදත්මනම් මෙහි ඇත්තේ පෞද්ගලික ආරෝවක් ක්‍රීඩාවට හේත්තු කර විසඳා ගැනීමක්ය.තවත් පැත්තකනි නාමල් රාජපක්ෂ ද ක්‍රීඩා සභා පත් කරද්දී ක්‍රීඩා පණත තුට්ටුවකට මායිම් නොකළේය.මහේල ජාතික ක්‍රීඩා සභාවේ මුල් පුටුවට එන විටත් මුම්බායි ඉන්දියන්ස් හී නායකයාය.එම තනතුරේ ඉද්දිත් එයම කළේය.එපමණක් නොව ක්‍රිකට් ආයතනයේ තනතුරකට ඩොලර්ම පඬි ලෙස ලබමින් එකතු ද විය.

රාජපක්ෂලාට තමන්ගේ අවශ්‍යයතාවය,ආසාව හැඟීම වැනි කාරණා මිස නීතිමය පදනම් අදාළ නොවන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේම කිව්වේ තමන්ගේ වචනය චක්‍රලේඛවලට වටිනා බව කියමින්ය.රාපක්ෂ පවුලේ නාමල් සිටියේ ද එසේමය.නමුත් ඔවුන් විදිහට රට හෝ රටේ නීතිය තමන්ගේ කරගෙන හැසිරෙන්නනම් රොෂාන් රණසිංහට ඉඩ ලැබෙනු නැත.රාජපක්ෂලාට කළ හැකි කිසිවක් නීතිය නොසළකා හෝ තමන්ගේ රුචි අරුචිකම් අනුව කරන්න රොෂාන්ලාට ඉඩ නැත.

කෙසේ හෝ මේ සොයා යාමේ පිපාසාවේ ඉඩ තවමත් සුදත්ගෙන් මැකී නැත්නම් පුංචි ඉඟි කිහිපයක් ද දිය හැකිය.ඇමති පත් කරන ලද ජාතික තේරීම් කමිටුවේ යම් යම් ක්‍රීඩා ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම්වලින් බලය පවරා ඇති අයට ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරවලට සම්බන්ධ වෙමින් මේ තනතුරු දරන්න අයිතිය ද තීබෙනවාද?පුහුණු කටයුතු කරන අයට එහි සාමාජිකත්වය දරන්න අයිතිය තිබෙනවාද යන්නත් සොය බැලීම.
නමුත් අප දන්නා පරිදි එම සභාවේ නීතිමය වශයෙන් ද එසේත් නැතිනම් සදාචාරමය වශයෙන්ද සාමාජිකත්වය දැරීමට නුසුදුසු පිරිස් සිටිනවාද යන්න සුදත් චන්ද්‍රසේකර ඔය ගැම්මෙන්ම සොයා බලා කටයුතු කිරීම වටින්නේය.ඇතැම් ක්‍රීඩා සංගම් බිමටම සමතාලා කර ගිණුම් බින්දුවට බස්සා මිලියන ගණනින් ණය කළ පිරිස් අද ජාතික ක්‍රීඩා සභාවේ සිට ණය පියවමින් සිටින ක්‍රීඩා සංගම් ඇමති අණින් විසුරුවන්නට උපදෙස් දෙමින් සිටියි.හරියට කැකිල්ලේ රජු සහ ගෝලයෝ මෙන් පෙනෙන අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ හැසිරීම මෙන්ම කැකිල්ලේ රජ්ජුරුවන්ට උපදෙස් දෙන සුදත් චන්ද්‍රසේකරගේ තත්ත්වයද අපට පැහැදිළිය.

රනිල් වික්‍රමසිංහගේ සුදත් චනද්‍රසේකර හිතවත්කම නිසා ක්‍රීඩා ඇමති රැදී සිටිනවාද,එසේත් නැත්නම් රාජපක්ෂමය උවමනාවන් මත රනිල් වික්‍රමසිංහට හැසිරෙන්නට වි ඇති නිසා රොෂාන් රණසිංහ ක්‍රීඩා පුටුවේ දිගටම රැදී සිටිනවා ද යන්න හැරෙන්නට මේ තමන්ට භාර දුන් විශය සම්බන්ධයෙන් අනාගත් ක්‍රීඩා ඇමතිවරයෙක් මෑත කාලයේ දකින්නට නොහැකිය.ඔහුට රාජපක්ෂලා පවරා ඇති කාර්යය සහ ඔහුව මෙහෙයවන කාර්යය වන්නේ නාමල් රාජපක්ෂට වඩා පහළින් සිටින විදිහට කරුණු මෙහෙයවීම සහ සැළසුම් සැකසීමය.දැනටත් නාමල් හිටියනම් හොඳයි කියන තැනට ක්‍රීඩා අමාත්‍ය ධූරය සාපේක්ෂව සළකා බලන මට්ටමට තල්ලු කරමින් සිටීම රොෂාන් රණසිංහට දැන හෝ නොදැන පැවරී ඇති රාජකාරිය ය. ඒ වෙනුවෙන් තමන්ට නාමල්ගේ ආශිර්වාදයෙන් ලැබුණ ජාතික ක්‍රීඩා සභාවේ පිරිස් නාමල්ගේ කීර්ති නාමය වෙනුවෙන් අවශ්‍යය කරන වැඩ කොටස සඳහා රොෂාන් මෙහයවමින් සිටියි.ඔහු ක්‍රීඩා විශයේ රජු සේ හැසිරෙන්නට උත්සාහ කරද ඇත්තටම සිඳුවන්නේ රජුගේ කඩුව ගත් වඳුරාගේ ස්වරූපය ප්‍රදර්ශනය වීමය.ක්‍රීඩාවේ රජකම සහ එය රකින්නට කඩුව ගත් වඳුරාගේ ස්වභාවය ප්‍රදර්ශනය වෙමින් ඇත.

ඉතිං සුදත් චන්ද්‍රසේකර ද ඒ අනුව උපදේශක වි ඇත්තේ රජෙකුට නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.රජ විය යුත්තේ ක්‍රීඩාවය.දැනට එය හිමි රජු සේ සිතා කරන ඇමති හැසිරිම්වලින් ද,ඔහුට උපදෙස් දෙන්නට පත් කර ඇති උපදේශකගේ සිට සියලු උපදෙස් දනෙ තනතුරුවලින් ද ක්‍රීඩාවේ හැසිරීමට එකතු වී ඇත්තේ සුනඛ පෙණුමක්ය.ඒ නිසා ප්‍රශ්නය අර්ජුන ට සීමා වී නැත.කරුණාකර අර්ජුනට වඩා විශාල ක්‍රීඩාව විශාල බව තේරුම් ගන්න.තමන්ගේ න්‍යාය පත්‍රවලට වඩා ක්‍රීඩාව විශාල බව තේරුම් ගන්න.හොඳම දේ සුදත් චන්ද්‍රසේකරට හැකිනම් ජනාධිපතිවරයාටම ලිවීමය.ඒ අර්ජුන ගැන නොවේය.ක්‍රීඩා ඇමති ගැනය.එතැන සිටම ගෑවුණ සියල්ල ගලවා දමා මේ පොළවේ ක්‍රීඩාවට නිදහස් පරිසරයක් සැකසීමට වාතාවරණය සැකසීමය.

සුදත් චන්ද්‍රසේකරගේ ලිපියේ වැදගත්කම ඇමති ක්‍රීඩා නීතියට වැඩ කර නැති බව, ඇමති උපදේශකම සිහිපත් කිරීමය.දැන හෝ නොදැන ඒ නිසා ක්‍රීඩාව අවුල් වී ඇත.ජාත්‍යන්තර වශයෙන් තහනම් වී ඇත.වත්මන් ඇමති ඉන්නේ විහින් පල් වී, හිටපු ඇමතිගේ පෞරුෂය පළල් වන අන්දමේ ව්‍යාපෘතියකට දැන හෝ නොදැන මැදිහත් වී බව උපදේශකවරයාටවත් නොතේරෙන්නේ ද?එසේත් නැත්නම්,ඇත්තටම සුදත් චන්ද්‍රසේකරත් නාමල් රාජපක්ෂගේ ප්‍රතිරූපය පිම්ඹීමට රොෂාන් රණසිංහව දිය කර හැරීමේ කොන්ත්‍රාත්තුවේම සාමාජිකයෙක් ද?
කෙසේ හෝ මේ සමඟ අර්ජුන නුසුදුසු බව පෙන්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සුදත් චන්දුසේකර යොමු කර ලිපි සහ ඊට අවශ්‍ය සාධක සහිත ලිපිවලට පහත සබැදියෙන් පිවිසෙන්නට හැකියාව ඇත.
file:///C:/Users/User/Downloads/CamScanner%2005-25-2023%2014.02.pdf

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan