රජය කිව්වාට වතු කම්කරුවන්ට 1700 වැටුප දෙන්න බෑ – වතු හිමියන්ගේ සංගමය කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රජය විසින් නිවේදනය කර ඇති පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් දක්වා වැඩිකිරීමට නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ තේ වල නිෂ්පාදන වියදම දැනටමත් අනෙකුත් තරගකාරී රටවලට සාපේක්ෂව දෙගුණයක් වැඩි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය යෝජනා කර ඇත්තේ තේ වතු හිමියන් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව බව පැවසූ ඔවුන් පෙන්වා දුන්නේ රජයේ යෝජනාව අනුව වැටුප් වැඩිකළහොත් තේ කිලෝවක නිෂ්පාදන වියදම අවම වශයෙන් රුපියල් 1500 දක්වා ඉහළ යන බවත් දැනට ජාත්‍යන්තර වෙළඳපොලෙන් ලැබෙන්නේ රුපියල් 1062 ක මිලක් පමණක් බවත් ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තේ වතු හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි මහතා,

“රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි. මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි”

තේ වතු හිමියන්ගේ සංගමය මේ බව පැවසුවේ ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...