කෝටි 15කට අධික අයථා වත්කම් ගැන මර්වින්ට අධිචෝදනා ගොනුකරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 15කට අධික දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඔහු මෙම වරද සිදුකළ බවටයි අධිචෝදනා ගොනුකර ඇත්තේ.

එහිදී මර්වින් සිල්වා කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා 13,990,000ක මුදලක් වැය කිරීම, කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා 71,399,000ක මුදලක් වැය කිරීම, තම පුත් මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිලදී ගැනීම සඳහා 32,375,000 ක මුදලක් වැය කිරීම, හයිඋන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 88කට අධික මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අබිබවා රුපියල් කෝටි 15කට අධික වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...