තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම : තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ යතුරුපැදිකරු ද මේ අතර සිටින බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31, 32 හා 40 වන පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...