පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් 7ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මැයි 28, කොළඹ LNW :

තිරුකෝවිල් පොලිස් වසමේ විනායගමුරම් 01 ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ පුද්ගලයින් හත්දෙනෙකු තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී නීති විරෝධී ලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකාරියක් හා සැකකරුවන් හයදෙනෙකු කැණීම් සිදු කිරීමට යොදා ගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාරිය අවුරුදු 50ක් හා සැකකරුවන් අවුරුදු 41ත් 64ත් අතර වයස්වල පසුවන තිරුක්කෝවිල්, හපුතලේ, ඉදල්ගස්හින්න, වත්තල හා විනායගපුරම් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසීය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සයිබර් ආරක්ෂාවට රතු එළියක්! බ්‍රිතාන්‍ය රජයේ සේවා 32ක් අක්‍රියයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 22, LNW (කොළඹ): PHP පරිගණක භාෂාවට අදාළ සයිබර්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...