ජාතික සමූපකාර සංවර්ධන ආයතනය නංවන්න අලුත් වැඩක් එයි!

Date:

කොළඹ LNW:ඉදිරි වර්ෂ කිහිපය තුළදී ජාතික සමූපකාර සංවර්ධන ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කරන බව සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසයි.

දැනට රුපියල් මිලියන 40ක වාර්ෂික වියදමක් මහා භාණ්ඩාගාරය මගින් මෙම ආයතනය සඳහා මුදා හරින බවත් ඉදිරියේදී එම මුදල සමූපකාර ආයතනය තුළින්ම උපයා ගැනීම සැලසුම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

අලාභ ලබනවා යැයි සඳහන් කරමින් පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබුණු මෙම ආයතනය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් රජය ගන්නා ලද තීරණය අනුව පොල්ගොල්ල ජාතික සමූපකාර ආයතනයේදී ඊයේ (26) පැවැති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

දෙවන ලෝක යුද සමයේදී අවි ගබඩාවක්ව පැවැති මෙම ආයතනය වර්ෂ 1945දී මහනුවර පොල්ගොල්ලේ සමුපකාර පාසල ලෙස ගොඩ නැංවූ අතර එතැන් සිට මේ දක්වා සමූපකාර ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ පාඨමාලා හා පුහුණු අවස්ථා රැසක් මෙහිදී ක්‍රියාත්මක කොට තිබේ. නමුත් මෙම ආයතනය
අලාභ ලබනවා යැයි පවසමින් එහි පාඨමාලා රැසක් නවතා දමා ඇති අතර අගනුවරට පමණක් දෙවැනි විශාලත්වයෙන් යුත් සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත පොල්ගොල්ල රංගශාලාවේ ප්‍රධාන නඩත්තු කටයුතු පවා අතහැර දමා තිබිණී.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ක්ෂේත්‍ර නිරීක්ෂණයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී මෙම ආයතනය ජාත්‍යන්තර මට්ටම දක්වා නංවාලීම සඳහා තීරණය කර ගත් බව අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව ජාත්‍යන්තර නියෝජිතයන් 600කින් සමන්විත මඩුල්ලක් රැස්වන අන්තර්ජාතික සමූපකාර සමුළුවක් මෙම ස්ථානයේදි පැවැත්විමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසුවේය. ඒ සඳහා ආයතන පරිශ්‍රය සූදානම් කරන බවත් මූපාකර භෞතික සම්පත් පමණක් නොව මානව සම්පත පවා ජාතික සහ ජාත්‍යන්තර සමූපකාර ගනු දෙනු සඳහා සූදානම් කරන බව හෙතෙම සඳහන් කළේය.

වර්ෂ 2019න් පසු නඩත්තු කර නොමැති රංග ශාලායේ ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය අලුත් වැඩියා කිරීමට එහිදී එකගවූ අතර වර්ෂ දිනවල ජලය කාන්දුවන ස්ථාන නඩත්තු කිරීම, දොරවල් සඳහා අගුළු පද්ධති සවි කිරීම ඇතුලු අතරමඟ නැවතී ඇති නඩත්තු හා අලුත් වැඩියා කටයුතු ඉටු කිරීමට එහිදී තමන් අනුමැතිය ලබා දුන් බව නියෝජ්‍ය ඇමතිවරයා කිවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව මෙම ආයතනය පුද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබුණත් නව රජය මෙම ආයතනය කිසිසේත්ම පුද්ගලීකරණය කරා යොමු නොකරන බවත් ආයතනයේ වියදම් පියවා ගැනීමට මෙන්ම ආදායම් උපයන ස්ථානයක් බවට ජාතික සමූපකාර සංවර්ධන ආයතනය පත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා තව දුරටත් පැවසුවේය.

එම ආයතනයේදී පැවැති සාකච්ඡාව සඳහා ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ සභාපති ආචාර්ය උපාලි හේවගේ, එම ආයතනයේ අධක්ෂ ජනරාල් වී.පී.කේ.පිලපිටිය, සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න යන මහත්ම මහත්මීන් ද සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා
පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යංශය හා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...