ආර්ථික සහයෝගීතාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ ඉන්දියානු මුදල් ඇමතිනිය අතර හමුවක්!

Date:

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියානු මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සිතාරමන් මහත්මිය අතර ඊයේ (27) දින හමුවක් පැවැත්විණි. මෙම හමුවීම පැවැත්වූයේ දැනට දෙරට අතර පවතින ආර්ථික සහයෝගීතාවයේ තත්ත්වය ඇගයීමට හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ඉන්දියාවෙන් ලබා දෙන ණය පහසුකම සහ ගෙවුම් ශේෂයේ සහාය පිළිබඳව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ඉන්දියානු මුදල් අමාත්‍යවරිය වෙත ස්තූතිය පළකළ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් බහුපාර්ශවික ආයතන සහ ද්වීපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සමඟ ඉකුත් අප්‍රේල් මස වොෂිංටනයේදී පැවැත්වූ සාකච්ඡා වලදී ශ්‍රී ලංකාව ගැන කරුණු දැක්වීම සම්බන්ධයෙන් ද ඈට ස්තූතිය පළ කළේය.

මේ අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධනයන් පිළිබඳව ඒ මහත්මිය දැනුවත් කිරීමට ද මිලින්ද මොරගොඩ මහකොමසාරිස්වරයා කටයුතු කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආර්ථික ප්‍රතිසැකසුම් වැඩසටහනට අදාළව කරන සාකච්ඡා අවසාන වන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය දිගටම අවශ්‍ය වන බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා, මෙම වාතාවරණය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ණය මෙන්ම ගෙවුම් ශේෂ අධාරක වශයෙන් ඉන්දියාව විසින් සපයනු ලබන අධාර ඉහළ නැංවීමේ සහ ප්‍රතිව්‍යූහගත කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දියානු මුදල් අමාත්‍යවරිය සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළේය.

ඒ අනුව, දෙරට අතර ආර්ථික සංවාදය පවත්වා ගැනීම සඳහා ස්ථාපිත නිල මට්ටමේ යාන්ත්‍රණය දිගටම පවත්වාගත යුතු බවට ද එකඟතාව පළ විය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...