දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය: NMSJ

Date:

කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දා දින 50ක් සම්පූර්ණ කරයි.

එය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටය. මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනා ගත නොහැකි වූ කරුණු රැසක් අද වන විට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී තිබේ. එමෙන්ම මේ රට තුළ සිදු විය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදට ද  ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටී. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශ්වයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුද දිය යුතුය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද ඔවුන් හා අත්වැල් බැඳගනිමින් අපගේ ගෞරවය මේ අවස්ථාවේදී සනිටුහන් කරනු කැමැත්තෙමු.

නිවහල්, නිදහස් හා සාමකාමි රටක් උදෙසා මේ රටේ යුක්ති ගරුක ජනතාව තුළ ඇති අපේක්ෂාවන් මෙකී අරගලයට සම්බන්ධ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව විසින් තව තවත් උද්දීපනය කරමින් සිටීම අතිශයින්ම අගය කළ යුතුය. එමෙන්ම ඔවුන්ගේ නිර්ව්‍යාජ හඬට රජය නොපමාවම කන්දිය යුතුය. ඔවුන් අපේක්ෂා කරන දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් තහවුරු නොකර ගනිමින් මේ රටට යහපත් අනාගතයක් උදාකර ගත නොහැකි බව මුළුමහත් සමාජයම මැනවින් අවබෝධ කරගත යුතුව තිබේ. දින 50ක් පුරා අඛණ්ඩව සාමකාමී අරගලයක යෙදෙන එකී සෑම පාර්ශ්වයකටම අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ඒ මගින් ඔවුන් අපේක්ෂා කරන සියලු ජයග්‍රහණ දිනා ගැනීම උදෙසා නොපමාවම හැකියාව ලැබේවායැයි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.
 
දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?