වසරකට ඩොලර් ලක්ෂයක් හම්බකරන කිසිඳු විදෙස් ශ්‍රමිකයකු නෑ. රජය තනිකර වංචාවක් කරන්නේ! : විදෙස් ශ්‍රමිකයන් ගෙන් චෝදනා

Date:

ශ්‍රී ලාංකීය විදෙස් ශ්‍රමිකයන් තමා රටට ගෙන එන ඩොලර් වලට අදාළව ලැබීමට නියමිත දීමනා නිසි පරිදි ලබා දෙන ලෙස රජයට බලකර සිටින බව ශ්‍රමාභිමාණී ජාතික පෙරමුණ පවසයි.

ඊයේ (27) දින පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුව අවධාරණය කළේ, මේ පිළිබඳව බලධාරීන්ට ලිඛිතව දැනුම් දීමට ද කටයුතු කර ඇති බවයි.

වසරකට ගෙනෙන සෑම ඩොලර් ලක්ෂයකට ම බදු රහිත මෝටර් රථයක් ලබා දීමටත්, සෑම ඩොලර් පනස් දහසකටම ඉඩමක් හා නිවාසයක් ලබා දෙන බවටත් විදෙස් ශ්‍රමිකයන් පිළිබඳව රජයේ ප්‍රතිපත්ති වලව අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති මුත්, එතරම් අතිවිශාල මුදලක් උපයන කිසිඳු විදෙස් ශ්‍රමිකයකු ශ්‍රී ලාංකිකයන් අතර නැති බව ලංකා මැදපෙරදිග සේවා සංගමයේ සාමාජික රංජිත් නානායක්කාර මහතා අවධාරණය කරයි.

ඒ අනුව, මෙවන් ප්‍රතිපත්ති ගෙනහැර පාමින් රජය සිදුකරන්නේ වංචාවක් බව හෙතෙම චෝදනා කරයි. විදෙස්ගත ශ්‍රමිකයන්ට දීමනා ලබා දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණ ද, ඒවා කිසිදිනක ලැබී නැති බව ද ඔහු අනාවරණය කරයි.

තමා උපයන මුදල ශ්‍රී ලංකා රජය විසින් දිගටම වංචා කරන බවත්, තමාට අයත් දීමනා ලබා දෙන බවට රජය විසින් ලිඛිතව පොරොන්දු ලබා දෙන්නේ නම් ඇතිතරම් ඩොලර් රටට ගෙන ඒමට හැකි බවත් සමස්ත ලංකා මැදපෙරදිග සේවා සංගමයේ භාණ්ඩාගාරික ඉන්දික ජයවර්ධන මහතා පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...