ඇමති ටිරාන් විශේෂ හමුවක. නීතිවිරෝධී සංක්‍රමණිකයින් සහ PTA ගැන අවධානය

Date:

පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු- පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවී සාකච්ඡා කර තිබේ

පසුගිය 25 වනදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවට මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය ද සහභාගී වූවාය.

මෙහිදී වත්මන් ‍රටෙහි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

සේරා හල්ටන් මහත්මිය ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යට පැමිණීම වැලැක්වීමට සහයෝගය දක්වන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලා සිටියාය.

තවද මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ මෑතකදී බ්‍රිතාන්‍යද නව නීති හඳුන්වා දුන් බවත් එම නීති හඳුන්වාදීම රටේ නීතිය සාමය පවත්වා ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත් ය. මෑතකදී පැවති බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අභිෂේක උත්සවයේදී සිදු වූ සිද්ධීන්ද ආවර්ජනය කරමින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුනි.

බෙන් මෙලර් මහතා මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හතර දෙනෙකු පිළිබඳව අවධානය යොමු කළ අතර එහිදී ටිරාන් අලස් මහතා පවසා සිටියේ ඔවුන් හතරදෙනාම පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් බවත් එම අවස්ථාවේදී පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇති බවත් ය.

යෝජිත නව ත්‍රස්ත විරෝධී පණත සංවරණය හා තුලනය වියයුතු බව ද නීතිය හා සාමය පවත්වා ගැනීමට අතවශ්‍ය බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

මේ අතර, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් වෙත නීති රීති භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුවක් සූම් තාක්ෂණය ඔස්සේ බ්‍රිතාන්‍ය පොලිසියද සම්බන්ධ කරගනිමින් සංවිධානය කිරීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට ප්‍රකාශ කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...