පෙත්සම ඉල්ලා අස්කර ගන්නවාද තීරණය කරන්න ඩයනාට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් තමන්ව නෙරපීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර ඇති පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද, ඉල්ලා අස්කර ගන්නේද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට ජුලි 07 වනදා දක්වා කල් ලබාදී තිබේ.

ඒ, එම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා තම සේවාදායිකාවට කල් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට ජුලි 07 වනදා දක්වා කල් ලබාදීමට තීන්දු කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...