*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

පෙත්සම ඉල්ලා අස්කර ගන්නවාද තීරණය කරන්න ඩයනාට ශ්‍රේෂ්ඨාධිකරණය කල්දෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් තමන්ව නෙරපීමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර ඇති පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද, ඉල්ලා අස්කර ගන්නේද යන්න තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට ජුලි 07 වනදා දක්වා කල් ලබාදී තිබේ.

ඒ, එම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (28) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා තම සේවාදායිකාවට කල් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට ජුලි 07 වනදා දක්වා කල් ලබාදීමට තීන්දු කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan