තලාදූව ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයකු අහසට වෙඩි තබයි!

රෂිකා හෙන්නායක මැයි 29, කොළඹ LNW :

මීගමුව, තලාදූව ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී සිය ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් සිදුකල ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, එකම පාසලක ආදි සිසුන් දෙදෙනෙකු අතර සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

ඔවුන් දෙදෙනාම ව්‍යාපාරිකයන් වන බව පැවසේ.
 

ඉන් එක් අයෙකු මීට පෙර නීත්‍යානුකූල ආකාරයෙන් ගිනි අවියක් ලබාගෙන ඇති බවයි

එම වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පොර බැඳීමක් ද සිදුව තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අහසට වෙඩි තැබූ ව්‍යාපාරිකයායි. 

ඔහු අද මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.