මෛත්‍රී – මහින්ද දින 52 වාර්තාව ගෝඨා – රනිල් බිඳ දමයිද ?

Date:

එල්ල වූ ජනතා විරෝධය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 වැනිදා අගමැති ධුරයෙන් සමුගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවීය. කෙසේ නමුත් ආණ්ඩුව ස්ථාවර කර ගැනීමට හෝ අර්බුද සඳහා විසඳුම් සෙවීමට වික්‍රමසිංහ මහතා තවමත් සමත්ව නොමැත.

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවක් පිහිටවූයේ පොදුජන පෙරමුණේ උපරිම සහාය ලබාදෙන බවට වූ පොරොන්දුව මතයි. කෙසේ නමුත් සහාය ලබාදීම වෙනුවට පොදුජන පෙරමුණ වික්‍රමසිංහ මහතාගේ කකුලෙන් අදින තත්වයට පත්ව තිබේ.

හදිසියේ ලද ආරාධනයෙන් අගමැති ධුරයේ දිවුරුම් දුන්නා විනා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ අතර සති තුනක් ඉක්ම යාමටත් පෙර එය හොඳින්ම තහවුරු වී තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ රටවල් උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් තවමත් කිසිදු රටක් උදව් කරන බවට නිශ්චිත පොරොන්දුවක් දී නොමැත.

අනෙක් පැත්තෙන් ජනතා ගැටලු විසඳීම පසෙක තබා ව්‍යවස්ථා සංශෝධන විජ්ජා පෙන්වීම අගමැතිවරයාගේ ප්‍රමුඛ කාර්යය වී තිබේ. කුසගින්නේ සිටින ජනතාවට ව්‍යවස්ථා විග්‍රහ ඉදිරිපත් කිරීම හැර වෙනත් කිසිදු සාධනීය ක්‍රියාවලියක් ආරම්භ කර හෝ නොමැත.

අගමැති තනතුරට පත් වූ වහාම ඉන්ධන ගැටලුව, ඖෂධ ගැටලුව ඇතුළු ප්‍රධාන ගැටලු විසඳීම සඳහා කමිටු කිහිපයක් පත්කළ අතර ඒ සඳහා අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක වැනි අගමැතිවරයාගේ සමීපතමයන් පිරිසක් පත් කළේය. ඒ සම්බන්ධයෙන් බොහෝදෙනා පවසන්නේ මහජන ඡන්දයෙන් පත් වූ ඇමතිවරුන්ට විසඳිය නොහැකි ප්‍රශ්න ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයන්ට විසඳිය හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා විස්වාස කරන ආකාරය අනුව වික්‍රමසිංහ මහතා අර්බුද විසඳන ආකාරය පැහැදිලි වන බවයි.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයා, ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සමීපතමයන් සමග පවසා තිබෙන්නේ තමන් බරපතල අත්වැරැද්දක් සිදුකර ගත් බවයි.

මෙම තත්වය මත ගෝඨාභය – රනිල් දීගය ඉතා ඉක්මනින් කෙළවර වීමට නියමිත බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. 2018 වසරේ දියත් වූ මෛත්‍රී – මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුව දින 52 ක කාලසීමාවක් සම්පූර්ණ කළ අතර, ගෝඨාභය – රනිල් ආණ්ඩුව එම කාලසීමාවද ඉක්මවා යා නොහැකි මට්ටමට අර්බුදය උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...