කචපච මාධ්‍යවේදියා සල්ලි ගරන ක්‍රමේ එළියට …

Date:

ජනප්‍රිය මාධ්‍යවේදියෙකු සහ යූටියුබ් නාලිකා හිමිකරුවකු වන තොරතෝංචියක් නැතිව කියවන අයෙකු අමුතුම ආකාරයෙන් කරන සල්ලි ගැරීමක් ගැන LNW ගොසිප් වෙත වාර්තා විය.

ප්‍රවෘත්ති කියවීමට ගියත් සම්මුඛ සාකච්ඡාවකට ගියත් ආරාධිතයාට කතා කිරීමට නොදී තමන්ම කතා කරන මේ පුද්ගලයා ගැන ක්ෂේත්‍රයේ කතාබහ වෙන්නේ “කචපච” යනුවෙනි.

කචපචයා මෑත දවසක තමන්ට හිතවත් භික්ෂූන් වහන්සේ නමකට දුරකථනයෙන් අමතා මේ දිනවල තමන්ට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් තම උපන් දිනය සැමරීමට ගෙදරින් එළියටවත් යෑමට නොහැකි බව පවසා තමන්ට සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් ඇතුළුව ආහාර වර්ග ප්‍රමාණයක් තම නිවසට එවන මෙන් පවසා ඇත.

ඔහු තම යූටියුබ් චැනලය ඔස්සේ පුද්ගලයින්ට කළ අපහාස හේතුවෙන් නඩු ගණනාවකට මුහුණ දීමට නියමිතව සිටින අතර මේ දිනවල ඔහු කියමින් යන්නේ එකී පුද්ගලයින්ගෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇති බවකි. එයත් අමු පචයකි.

කෙසේවෙතත් කචපචයාට අනුකම්පා කළ අදාළ භික්ෂූන් වහන්සේ තමන්ට හිතවත් දායකයින් දෙදෙනෙකුට මෙම සිද්ධිය පවසා ඇති අතර ඔවුන් එහිමියන්ට කියා ඇත්තේ කචපචයා තමන් දන්නා තවත් කිහිපදෙනෙකුගෙන්ම මේ ආකාරයෙන් උපන්දින සාදයට ආහාර පාන ඉල්ලා ඇති බවකි.

මේ කතාව දුරදිග යද්දී අදාළ හිමිනම ප්‍රකාශ කර ඇත්තේ මීට සති දෙකකට පෙරත් කචපචයා රටේ ප්‍රබල කාන්තාවකගෙන් තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇති බව පවසා තමන්ට තම නිවසේ නිදහසේ සිටින්නට නොහැකි හෙයින් බිරිඳ සහ දරුවන් සමග දවසක් ගතකිරීමට හෝටලයක් සොයාදෙන ලෙස තමන්ගෙන් ඉල්ලූ බවයි.

සමහර මාධ්‍යවේදීන් තමන් සතු තොරතුරු පෙන්නා කප්පම් ඉල්ලන බවට කතාවක් තිබේ. නමුත් කචපචයා එවන් අයෙකු නොවේ. ඔහු කප්පම් ගන්නේ නැති අතර ඔහු උදව් ඉල්ලා ගන්නවා පමණි.

ටික කලකට පෙර නිරූපිකාවක් සමග වලියක පැටළී නාට්ටාමියා කියා අසාගත් “කචපච” ගේ කෙරුවාව ඔහොමය. තවත් තොරතුරු අප සතුව ඇති අතර ඉදිරියේදී හෙළිකරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...