*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

උතුරු නැගෙනහිරට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා ඒ පළාත් දෙක සීඝ්‍ර සංවර්ධනයකට යොමු කරනවා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

වසර තිහක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත් යුද්ධයෙන් බැට කෑ බවත් යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් උතුරේ පාසල් පද්ධතිය දියුණු කිරීමට තවම නොහැකි වී ඇති බවත් මේ අනුව සාමයේ ප්‍රතිලාභ නිවැරදිව ක්‍රියාත්මක වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යුද්ධයෙන් පසු බලයට පත් වූ නායකයන් මෙන් ම දැන් සිටින නායකයන් ද ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීමට කටයුතු නොකළ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා ඒ රාජ්‍ය නායකයන්ගේ නොදැනුවත්කම, අනවබෝධය, වැඩ බැරිකම නිසා උතුරු නැගෙනහිර පළාත් දෙකට අහිමි වූ ආධාරක සමුළුව පවත්වා මේ පළාත් දෙක ශීඝ්‍ර සංවර්ධනයකට යොමු කර සෙසු පළාත් ද ඒ ඔස්සේ සංවර්ධනය කිරිමට සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරනා බව ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය සේරුවිල සෝමපුර මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 205 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (27) එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

එසේම උස පැනීමේ ඉසව්වෙන් වසර 3ක් කලාප තරගවලින් අංක 1, වසර 2ක් පළාත් තරගවලින් 1, 18න් පහළ නැගෙනහිර පළාත් වාර්තාවත් සමස්ත ලංකා ක්ෂේත්‍රයේ 5 වැනි ස්ථානයත් ලබා ගනිමින් දස්කම් පෙන්වූ විහඟ රුක්ෂාන් සිසුවාට රුපියල් 25000ක පරිත්‍යාගයක් කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

මෙම උත්සව අවස්ථාව අමතා වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම ප්‍රදේශවල පාසල් සංවර්ධනය නොකර සිටියත් සිංහල පමණයි දමිළ පමණයි කියා රජ පුටුවලට ගිය දේශපාලනඥයන් රැසක් සිටි බවත් මේ නිසා දේශපාලනඥයන්ට සෙත සැලසුනත් දරුවන්ට නම් සෙතක් සැලසුනේ නැති බවත් මේ සියල්ල සිදු කළේ දේශපාලන මල්ලට ඡන්ද එකතු කර ගැනීමට වුවත් තමා ඡන්ද මල්ලට වඩා ජනතාවට මේ ඇත්ත තේරුම් කිරිමට කටයුතු කරනා බවත් ය.

එමෙන් ම රටට අවශ්‍ය කටපාඩම් කරන පරපුරක් නොව න්‍යායන් ඉගෙන ගෙන ඒ තුළින් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන සුහුරු පරපුරක් නිර්මාණය කිරීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 204ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2279ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan