*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාව වෙනස් කරන්න හොඳ ආරම්භයක් ගන්න ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අවස්ථාවක්

සටහන – නිශ්මං රණසිංහ

මැයි 30, කොළඹ (LNW): ක්‍රීඩා හතරක පරිපාලනය තාවකාලිකව අත් හිටුවමින් එහි වගකීම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු නියෝග කර ඇත.2024 මැයි 29 වන දින 2386/08 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එම නියෝගය නිකුත් කරන ක්‍රීඩා අමාත්‍යවරයා එම ක්‍රීඩා පරිපාලන ඒකකවල නිලවරණ පැවත්වීමේ සැළසුම ද,ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පවරා ඇත.


ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම තනතුරට පිවිසෙන මොහොතේම ඔහු ක්‍රීඩාවේ විවිධ කේෂ්ත්‍ර ආවරණය වන පරිදි බිමි මට්ටමේ මෙන්ම ඉහළ අත්දැකීම් ද ඇත්තෙකු ලෙස නිලධාරියෙකු ලෙස ක්‍රීඩාව වෙනස් කිරීමේ කාර්යයට උර දිය හැකි පුද්ගලයෙක් බව අපි සටහන් කළෙමු.ඒ ආකාරයට ගත් විට අමාත්‍යවරයාගේ මෙන්ම වෙනත් නීති අංශවල ද උපදෙස් සහ අධීක්ෂණය යටතේ මෙම නිලවරණ ක්‍රියාත්මක කිරීමේදී ගත හැකි ක්‍රියාමාර්ග බොහොමයක් පෙනෙන්නට ඇත.


ඇතැම් ක්‍රීඩාවන්ට ජාත්‍යන්තර වශයෙන් දඩ නියම වී ඇත්තේ ආගමන විගමන නීතිය උල්ලංඝණය කිරීම නිසා බව අපි පැහැදිළි කරුණු සහිතව ඔප්පු වී ඇත.එවැනි වරදකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට පාරලිමේන්තුවෙන් බැස යන්නට සිඳු වුව ද,ක්‍රීඩා කේෂ්ත්‍රයේ කිසිඳු බාධාවක් නැතුව තනතුරු දරන්නට සහ වරප්‍රසාද විඳින්නට ඊට සම්බන්ධ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙන අතර සමහර ක්‍රීඩා ඇමතිවරු පත් වූ සංගම්වලට ඉහළින් උපදේශනයට ද එවැන්නන් පත් කරන තරමට ලංකාවේ ක්‍රීඩාව අර්බූදයක පවතින බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හොඳින්ම දන්නා බව අපි දන්නෙමු.මේ මොහොතේ ඔහු තව දුරටත් තමන්ට පැවරුණු වගකීම තුළ එවැනි ක්‍රියා පවතින්නට නොදෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.


දැනටමත් ඇතැම් සංගම්වල කටයුතු කරන හමුදාවලට සම්බන්ධ නිලධාරීන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිටපු නාවික හමුදා නිලධාරියෙක් බැවින් තමන්ට ඔහුගේ ආශිර්වාදය ඉහළ තනතුරු සඳහා යාමට හිමිවන බවට ප්‍රචාරය රැඟෙන යමින් තිබෙන බව අපි දන්නෙමු.අනියම් ආකාරයෙන් තමන් කෙරෙහි නැති ජනප්‍රියත්වය ඇති කරන්නට ක්‍රීඩා සමාජ වෙත නිලවරණයන් හී ඡන්ද දිනා ගැනීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ හිතවත්කම මත ඉදිරියේදී ක්‍රීඩා සංවර්ධණ දේපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේත්,අමාත්‍යවරයාගේත් සහය දිනා ගැනීමට හැකි තමන්ට පමණක් බව ප්‍රචාරය සඳහා යොදා ගනිමින් සිටින බවත් අපි දනිමු.


එහෙත් අප විශ්වාස කරන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ වන විට සිවිල් පුරවැසියෙකු ලෙස රටේ සමස්ත ක්‍රීඩාව හැසිරවීම සම්බන්ධයෙන් තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඉටු කරනු ඇතැයි යන්නය.ජාත්‍යන්තර වශයෙන් ද දඬුවම් ලැබුණු තීරණයකට සම්බන්ධ වූ නිලධාරීන්ට මේ හොහොතේ හෝ එම ඉතිහාසයට පැවරුණු වරදට දඬුවම් දී රටක ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී දැරිය යුතු වගකීම් ගැන පූර්වාදර්ශ්යක් දෙන්නට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මැදිහත් වනු ඇතැයි අපි තව දුරටත් විශ්වාසයෙන් බලා සිටින්නෙමු.


එසේම මේ වගකීම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරුණු ඇතැම් සංගම්වල නිලවරණයට පත් කර ගන්නා ලද කමිටු අසාධාරණ විදිහට ඇතැම් සංගම්වල ඡන්ද අහිමි කිරීම මෙන්ම සැමට සමාන ලෙස සැළකීම පැහැර හැර ඇති බවට වන චෝදනා ද අපි පෙන්වා දුන්නෙමු.විශේෂයෙන් මෙහිදී යාපනය වැනි ප්‍රදේශවල සංගම් නොසළකා හැරීම ජාතිකමය වශයෙන් ඇති වගකීම නොසළකා හැරීමකි.මෙවැනි ඉතිහාසයක එවැනි අසාධාරණ නොසළකා හැරීම් රටකට කළ විනාශය සමිබන්ධ මතක සටහන් තිබියදීත්,ඇතැම් අය බලය වෙනුවෙන් පක්ෂපාතීත්වය දක්වමින් ගෙන ඇති තීරණ නිවැරදි නොකර ඓතිහාසික වරදක කොටස්කරුවෙකු නොවන්නට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන් වෙත පැවරි බලය මෙහෙයවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.ඒ අනුව එවැනි ක්‍රීඩාවන් හඳුනාගෙන තමන් යටතේ ඡන්ද නිලධාරීන් පත් කර මෙම නිලවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනු ඇතැයි ද අපි විශ්වාස කරන්නෙමු.


එසේම මේ සියලු සංගම්වල පරිපාලනමය වශයෙන් වැරදි සිඳු කිරීම සම්බන්ධයෙන් චෝදනා ඇති අයට ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන් වී නිවැරදිකරුවන් වෙන තෙක් මේ නිලවරණවලට ඉදිරිපත් වීම වාරණය කරන්නේනම් වැදගත්ය.විශේෂයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් අධිකරණවල විභාග වන නඩුවල සැකකරුවන්ට හෝ තවමත් ජාතික වශයෙන් ක්‍රියාමාර්ග ගෙන නැති ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට දඬුවම් හිමි වූ ක්‍රීඩාවල ඒ මොහොතේ වගකීම් දරපු අයට අඩුම තරමේ වසර 10 ක කාලයක් හෝ එම ක්‍රීඩාවන්ට සම්බන්ධ නොවිය හැකි ලෙස වාරණයක් පැනවීම ක්‍රීඩා අමාත්‍යංශයේ වගකීම යන්න ද අපි සිහිපත් කරන්නෙමු.


විවිධ ක්‍රීඩා සංගම් බංකොළොත් තත්ත්වයට පත් කර ණය කර පුද්ගලයින් වෙනුවට තමන් පරිපාලනය කරන ක්‍රීඩා සංගමයේ ක්‍රීඩාව තව දුරටත් රටට ණය නොකර පවත්වා ගෙන යා හැකි සැළසුම් මොනවාද යන්න නිලවරණයකදි විමසන්නේම නැත.ඒ නිසා සිඳුවන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයට ඇති මුදල් ඒ ඒ ක්‍රීඩාවල සෑම කාර්යකටම දන් දෙන්නට සිඳු වීමය.අඩුම තරමේ 2028 ඔලිම්පික් උළෙල ඉලක්ක කර නව තරුණ ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් සකස් කර ඇති පසුබිමක ඒවාට අවධානය යොමු කිරීම වැදගත්ය.ඒ නිසා තනිවම අනුග්‍රාහකත්වයන් සොයා ගත හැකි පාලකයන් ක්‍රීඩා පරිපාලනයට පැමිණිය යුතු අතර සෑම මොහොතකම මුදල් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පැත්තට කට ඇරුණු කැටවලට පරිපාලනය හිමිවීම වැළක්විය යුතුය.


මේ අනුව ගැසට් පත්‍රය මඟින් තාවකාලිකව අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය,ශ්‍රී ලංකා රග්බි සංගමය,ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සම්බන්ධ නිලවරණ පැවත්වීම මුල සිටම තමන් යටතට ගෙන ඉතා පිරිසිදු සහ සැමට සමාන තත්ත්වයන්ගෙන් මෙහෙයවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.එසේම තවමත් නිදැල්ලේ හැසිරෙන ලෝකයෙන් දඬුවම් ලැබූ අයට රටේ වීරයන් වන්නට ඉඩ දී ඇති තත්ත්වයද වෙනස් කිරීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරලාවරයා මේ නිලවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan