ඩුබායි සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිත හරක් කටාගේ මස්සිනා

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 , කොළඹ (LNW):අද (30) දින නමගිය පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා යන අයගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන අතර, ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මොහු අද මේ රටට රැගෙන ඒමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...