*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඩුබායි සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිත හරක් කටාගේ මස්සිනා

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 , කොළඹ (LNW):අද (30) දින නමගිය පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා යන අයගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන අතර, ඩුබාහී පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය විසින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදීගම රුවන් නමැත්තා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ මොහුගේ නම ද තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මොහු අද මේ රටට රැගෙන ඒමට නියමිත බව පැවසේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan