(VIDEO):පාළු ගෙයි වලං බිදින්න දෙයක් නෑ. මුහුණට මුහුණ හමුවෙමු – හර්ෂ

Date:

කොළඹ LNW:මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන පරිදි විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල විදෙස් ණය හිමියන් පිළිගත්තේ නම් එම වැඩපිළිවෙල ගැන ප්‍රසිද්ධියේ සාකච්ජාවක් කිරීමේ ප්‍රශ්නයක් නොමැති අතර තවදුරටත් පාළු ගෙයි වලං නොබිද මුහුණට මුහුණ එම වැඩපිළිවෙල ගැන කතා කිරීම වැදගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

විදෙස් ණය හිමියන් වෙත ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද යෝජනාව මෙන්ම ඔවුන් එකඟ වූයේ කුමන කාරණාවලටද යන්න පිළිබඳ සාකච්ජා කළ යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත නොකර මේ ගමන යා නොහැකි අතර එය නිරවුල් කරගත යුතු වන බව හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මැදි වී සිටින්නේ ආර්ථික යුද්ධයකට වන හෙයින් එය ජයග්‍රහණය කරන්නේ කෙසේද යන වැඩපිළිවෙල අතිශය වැදගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...

මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...