“ශේෂ” canns world film festival සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 , කොළඹ (LNW): “ශේෂ” (Sheysha), පසුගියදා පැවති canns world film festival සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ඒ, සම්මාන උළෙලෙහි ‘BEST DANCE FILM’ අංශය ජයග්‍රහණය කරමිනි.

මෙරට සිනමා සිත්තමක් වූ “ශේෂ” ”හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය” මැයෙන් හඳුන්වා දුන්නේ, එය අධ්‍යක්ෂණය කළ ඉසුරු ගුණතිලකගේය. සමන්ත කුමාර ගමගේ සිනමා රචනයකි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ විසින් රඟදක්වන අතර උමාලි තිලකරත්න ඇතුළු නළු නිළියන් රැසකගෙන් සිනමාපටය හැඩගැන්වේ.

චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය සහ පිය පුතු සම්බන්ධය වටා ගෙතෙන්නකි.

“ශේෂ” දේශපාලනික වශයෙන් අවිඥානික සහ සංස්කෘතික වශයෙන් දූෂිත සමාජයක තම කලාව තම ජීවිතය ලෙස ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ‘ගුරුන්නාන්සේ’ සහ ඔහුගේ ආදරණීය පුතු වටා කේන්ද්‍රගත වූ ආදරණීය කතාවකි,

ලද සම්මානයේ සතුට අධ්‍යක්ෂවරයා විසින් වචන කර තිබුණේ මෙලෙසයි.

‘දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී “ශේෂ”,Cannes World Film Festival (කාන්ස් ලෝක සිනමා සම්මාන උළලේ)හි හොදම නර්තන චිත්‍රපටය ලෙස තේරී පත්වු බව ඔබ සියලු දෙනාට සතුටින් දැනුම් දෙන්නෙමු..” ලෙසයි.

Monara
Monara

ශ්‍රී ලාංකික දස්කම්ලොවට විදහා පෑම වෙනුවෙන් LNW අපද “ශේෂ” වූ ඔබ සැමට සුබ පතන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...